යන එන උදවිය

Pages

Saturday, May 29, 2010

ලංකාවේ මියුසික් වීඩියෝවල වැරදි

දැන් කාලේ සින්දුවක් ජනප්‍රිය වෙන්නනම් නිසැකවම එයට රූප රචනයක් කලයුතුයි. මගේ පෞද්ගලික අදහස නම් එය එසේ නොවේ. මොකද රූප රචනයක් නොකරන ලද ස්මහර ගීත තවමත් ජනප්‍රිය මට්ටමේ පවතිනවා. උදා හරණයකට අපි ගමු අමරදේව සූරීන්ගේ තවමත් තරුණ පරපුර අතර ජනප්‍රිය ගීතයක් වන නිම් හිම් සෙව්වා මාසසරේ යන ගීතය. මේ ගිතය බටහිර තනුවක් වූවත් එය අපට නොදැනෙන තරමට කෙතරම් සමීපද? . තවමත් මෙම ගීතයට රූපරචනයක් නැහැ. තවත් මට දැනෙන එක් දෙයක් තියනවා යම්කිසි ගීතයකට එම ගීතයේ අදහසට සාදාරණයක් වන ලෙසට රූපරචනයක් සිදුනොකර හොත් එම ගීතයේ ඒ අවසානයි. තවද රූපරචන සිදු කරලද ගීත නිතර නිතර රූපවාහිනීනාලිකා වලින් පේන්විමේදී ( අපේ වචනයෙන් කියනවනම් පට්ට ගහනකොට) එම ගීතයේ තියන ජනප්‍රියටවය සීග්‍ර වශයෙන් පහත බහිනවා. උදාහරණයකට අර මතකද ජෝන් සීනා සින්දුව දැන් අහෙන්නේ නැතිතරම්. එතකොට රම්බරී. හ්ම්.....

ඔන්නඔකෛ මම දකින ඇතුලන්තය. කෙසේවෙතත් රූපරචනයකදී එම ගායකයා වීශාලමුදලක් වැය කරනවා තමාගේ ගීතයකට රූපරචනයක් සිදු කිරීමේදී. ඒ කියන්නේ දවස් දකක් රූප ගත කීරීම් වලට රූපියල් ලක්ෂ දෙකකට එහාපැත්තේ. ඔව් එතරම් මුදලක් යනවා. එතරම් මුදලක් දී සේවා සපයන ආයතනය අතින් රූපගත්කිරීම් වලදී වැරදි සිදුවුවහොත් අර ගීතය ගායනා කරන ගායකයට හෝ ගායිකාවට කරන ලොකු අසාධාරණයක් ලෙසයි මා දකින්නේ. අපි පොඩ්ඩක් බලමු රුපරචනයකදී සිදුවන වැරදි මොනවද කියලා.
* සේවා සපයන ආයතනය (ප්‍රඩක්ෂන් හවුස්) එක අදාල රූපරචනය පිලිබඳ පාරිබෝගිකයා සමග සාකච්චා කරයුතු අතර දෙපාර්ශවය අතර එකඟත්වයකට පැමිනියයුතුයි.

* තිර පිටපතකට අනුව රූපගතකිරීම් සිදුකර යුතුයි

* රූපරාමුවෙන් රූපරාමුව රූපගතකිරීමට පෙර චිත්‍ර ගතකිරිම් (මෙයට අප කියනවා ස්ටෝරි බොර්ඩ් කියලා) කලයුතුයි

* රූපරචනයක් සිදුකරද්දී එම රූපරචනයෙහි ඒකාකාරීත්වයතිබිය යුතුයි

* [කැමරාකරණය ] මෙය ඉතාමත් වැදගත් කාරනයයි. ගීත සඳහා රූපරචනයක් සිදුකරද්දී කැමරාව නිසොල්මනව තැබිය නොහැක එමෙන්ම සාම්ප්‍රදායික රුපරමු වලින් ඔබ්බට ගොස් යම් රිද්මයකට අනුව චලන සිදුකල හැක. එය තීරණය වනේනේ කමර කරුගේ දක්ෂතාවය මතය. මෙහිදි කැමරා කරු ප්‍රතිබ්ම්භ ඇති දේවල් (දර්පණ, ඔපදැමු මතුපිටවල්, පොල් ගෙඩි තරම් අව්කන්නාඩි) වලට වැටෙන ප්‍රතිබ්ම්භ අහුනොවන සේ පටිගත කලයුතුය. අනන්තව මා දැක තිබේනවා සහයකයන් එමෙන්ම කැමරාකරු පවා මෙසේ පෙනෙන රූපරචන කරනලද ගීත. ඉන්පසු කැමරවට ස්විකරන අමතර කාච. මේවා සවිකරද්දි නිසිආකාරයෙන් සවිකලයුතුය උදාහරණයක් ලෙස පුළුල්පරාස කාචය (වයිඩ් ඇන්ගල් ලෙන්ස්) මෙහිදි මෙම කාචයෙන් පුළුල්පරායක් පෙන්නුම් කරන අතර නිසිආකාරයෙන් සවිනොකලහොත් කාචයේ දෙපැත්තේ ඇති ප්ලාස්ටික් කැබලිදෙක පෙනේ. මෙය කාචනිපදවන සමාගම අනුව වෙනස්විය හැක.

* කන්ඩායමේ අමතර බඩු වෙනත් අමතර දැ රූපගත කරන ස්තනයේන් පිටත තැබියයුතුය එවිට එම බඩුබාහිරාදිය කමරා කෝණවල අසුවන්නේ නැත

* අංගරචනය (මේකප්) කිරිමේදි තාත්විකාආකාරයෙන් රූපරමුවට ගලපෙන සේ සිදුකලයුතුය.

*පසුතල නිර්මාණය මෙය ඉතාමත් වැදගත්කාරණයකි අව්ස්තවට ඔබිනසේ පරිසරය හැඩගස්වාගතයුතු වන අතර කැමරාකොණ සමග කැමරාකරු පරිසරයේ සිදුවන වෙනස්කම් පිළිබඳව අව්බොදයෙන් සිටිය යුතුය. එයින් අදස් වෙන්නේ අපි හිතමු රජකාලේ රූපරමුවක දර්ශණයක් පටිගතකරන අවස්තාවක ඊට ඇතින් නවමදිලියේ බෙන්ස් රථයක් ගියොත්. එමනිසා කැමරාකර් නිසි අව්බොදයෙන් සිටියයුතුයි.

*අව්සාන කාරණය සංස්කරණය සහ විශේෂ ප්‍රයෝග (ස්පෙශල් එෆෙක්ට්ස්) පලමුව සංස්කරණය තුල තමයි කලාත්මක භාවය ‍රැඳෙන්නේ මෙහිදී විශෙෂිතවු සංස්කරණ ක්‍රම භාවිතා කල හැක මේක ගන වෙන දවසක කතා කරමු (සංස්කරණය ගැන,විශේෂ ප්‍රයෝග ගැන) නමුත් විශේෂ ප්‍රයෝග ගැන පොඩ්ඩක් කතා කියනවනම් විශේෂ ප්‍රයෝග දන්නම් ඔනනම් හරියට කරන්න පුලුවන් කෙනෙක් හොයාගෙන කල යුතුයි නැත්නම් ලස්සන කෙසේ වෙතත් චොර නම් වෙනවා. ඉතින් එක නිසා මෙතරම් මුදලක් වැය කරල කරන එකේ තේරුමක් තියෙන්න ඔන නිසා ඒදේ හරියට කරන්න ඔනා.

හරි ගොඩක් කතා කලා... මේ ලඟදි වීඩියෝවක් අවා දන්නේනැහැ කියල ඉරුශ සහ මදුශාන්ගේ මෙකේ මේවගේ වැරදි ටිකක් තිබ්බා පොඩ්ඩක් බලන්න.

ආ පොඩ්ඩක් කියන්න ඔන මේ පින්තුර දමන්නේ වැරදි පෙන්නලා දෙන්න මිසක් වෙන කිසිම දෙයක් හිතේ තියාගෙන නෙමේ ඔන්න.

1. මැද කන්නාඩියේ පිටිපස්සේ කෙනෙක් ඉන්නවා. එය අවස්ථා 3කදී අපට දැකගන්න පුලුවන්


2. පහත 1වන රුපයෙන් පෙනෙන වහල රතු පාටයි එම වහලම ඉන්පසු පැමිනෙන රුපරමුවේ නිල් පාටයි. මේහිදි ඒකාකාරීත්වය පොඩ්ඩක් වෙනස් වෙලා.




3. 1වන රුපයේ මෙම ස්ථනායේ බිම කාඩ්කුට්ටමේ කොල නැත නමුත් 2 වන රුපරාමුවේ කොල ඇත මෙතනදිත් ඒකාකාරීත්වය පොඩ්ඩක් වෙනස් වෙලා.


කෙසේ වෙතත් මෙවන් නිර්මාණයක් කරද්දී වැරදි ඇතිවීම ස්වාභාවිකයි. නමුත් මෙවන් වැරදි අපට පසුවෙන් මගහරවා ගත හැක.

පසුව ලියමි : ඉරුශ ,මදුශාන් මා එක්ක තරහ වෙන්න නම් එපා ඔන්න. :)

11 comments:

  1. ඔයා කියනවා වගේ අද සිංදුවක් ජනප්‍රිය වෙන්න විෂුවල් එකක් ඕනේම වෙලා තියෙන්නේ රේඩීයෝ එකට වඩා රූපවාහිනිය ජනප්‍රිය වීම නිසා කියලා මම හිතන්නේ. හැබැයි centrigrdez ලගේ කොටුව ඕඩීයෝ එක අහනකොටම විෂුවල් එක එන්න කලිනුත් විෂුවල් එක හිතේ මැවෙන විදිහ‍ට තිබුනා. වැදගත් ලිපියක්

    ReplyDelete
  2. නිරමාණයක් රසවිඳිමෙදි එහි ඇති අඩුපාඩු අපිට නොපෙනෙයි.. ඇත්තටම නිරමාණය මැදිහත්ව නැරඹිමෙදි එය නිවැරදිව වටහා ගත හැක, මෙවැනි සියුම් අඩුපාඩු බොහොදෙනා හට නොපෙනෙයි. නමුත් මෙවයෙ රුපයෙ ගුණාත්මකබාවය රදවා ගැනිමට අප උත්සුක විය යුතුයි..

    ReplyDelete
  3. වෑදගත් ලිපියක් අපිට එක පාරටම නොපෙනෙනෙන ඉසව්වකට අපේ අවධානය ගෙන ගියා.

    ReplyDelete
  4. හොඳ කරුණු ටිකක් + හොඳ විචාරයක්.. :)

    ReplyDelete
  5. ලිපියෙන් වැදගත් දෙයක් කීමට උත්සාහගෙන ඇති බව පෙනේ. නියමයි.
    තවත් මෙ වගේ වැදගත් ලිපි රැගෙන එන්න.

    ReplyDelete
  6. වටින ලිපියක්. වගේම ගොඩක් දෙනා නොහිතන පැත්තක්.

    ReplyDelete
  7. @ කසුන් නදීශන: ඔව් මම හිතනවා එක හරි රුපවාහිනිය ගොඩක් අපිට සමීපයි.

    @රවා: සියුම් අඩුපාඩු තමයි අපිහදාගන්න ඔන මොකද රවා මේ සියුම් අඩුපාඩු නොසැලකිල්ලේන් සිදුවන දේවල නිසා..

    @NUWAN"S LaneS,ගයන්ත,මහසෙන් සහ සුපුන් සුදාරක මලයා : ගොඩක් අගය කරනවා දිරිගැන්වීම. ස්තුතියි.. :) :) :)

    ReplyDelete
  8. හොඳ ලිපියක් .පොඩ්ඩක් ෆොන්ට් සයිස් එක ලොකු කලානම් හෙඳයි නේ

    ReplyDelete
  9. @ තීර්ථ යාත්‍රිකයා : හරි කරන්නම් :-)

    ReplyDelete
  10. මුලින්ම සහොදරයාට ස්තුතියි වෙනවා මේ වගේ නොහිතන පැත්තක් ගන කතා කරපු එකට .. ඒ වගේම අමතක කරන්න බෑ මේ විඩියො එක ශූට් කරේ පසුගිය වසරේ සැප්තැම්බර් වලදි බව.. විඩියො එක කරපු ආර්යන්ස්ලගේ අතින් වෙච්ච පොඩි අඩුපාඩුවක් විතරයි මේක :)| මේ දෙන්නව ඒ කියන්නේ ඉරුශව හා මධුශාන්ව පුද්ගලිකව හදුනන ඩ්කෙනෙක් විදියට තමා මම මේ කමෙන්ට් එක දාන්නේ කාටවත් සර්ව සම්පූර්ණ විඩියො එකක් කරන්න බැ නොවැ කොහෙන් හරි පොඩි අතපසුවීමක් වෙනවා. ඉතින් ඒ වගේ පොඩි දෙයකට මේ වගේ පොස්ට් එකක් දාන එක හරිද? | මොකද මීට වඩා අනන්තව වැරදි තියෙන විඩියො අනන්තව තියෙනවා

    ReplyDelete
  11. @ Dar[K] : ඔබගේ අදහස් මම අගයනවා. පොස්ට් එක හොඳින් කියවලා බැලුවනම් මෙතන්දී මම කියන්න උත්සහ ගත්තේ ඉරුශව හා මධුශාන් හෝ වෙනත් ඔනම කෙනෙක් කෙනෙක්ට මේ වගේ වීඩියෝවක් කරගන්න විශාල මුදලක් වැය කරන්න වෙනවා. ඒ සෙවා ආයතනය කවදාවත් පාඩුවක් විදින්න මුදල් ලබා ගන්නේ නැත. ඉතින් මේ වගේ නිර්මානයක් අන්තර් ජාතික මට්ටමට ගෙන යාමටනම් අප මෙවැනි වැරදි නොකල යුතුයි. ඉතින් ඒය නිසි ආකාරයෙන් කල යුත්තේ එම සෙවා ආයතනය මගින්ය. මා ඉහත සඳහන් කල කරුනු 9 ය ගැන සැලකිලි මත් වී සිදු කරා නම් මේවැනි වැරදි බොහෝ විට අඩුවීමට හැකී.

    ReplyDelete