යන එන උදවිය

Pages

Friday, October 29, 2010

බඹර වළල්ල: ශ්‍රී ලාංකීය සිනමාවේ වයිටි ටයිගර්


බඹර වළල්ල චිත්‍රපටිය අපේ සමාජයේ යථාර්ථයයි පැවසිම අසත්‍යයක් නොවේ. නමුත් එය මේ රටේ මානව හිමිකමි හෝ නීතියේ ආධිපත්‍යය බිදවැටි ඇතැයි පිළිගන්නට අකමැති ඒවා සැගවිමට දත කන පුද්ගලයින්ගේ වෛරයට හෝ මර්ධනයට ලක්විමකි. මේ චිත්‍රපටය අපේ රටේ පවතින නීතිය නොමැතිකම, අරාජිකත්වය මැනවින් නීරුපනය කරයි.
පොඩි එකා සිරගෙදරින් නිදහස්ව ගෙදර එනවිට සිය මහලු මව මානසික රෝගියෙකි. බුදුන්ගේ දේශයයි කියා බෝඩි අලවන පන්සල් පල්ලි දේවාල දකින වාරයක් වාරයක් පාසා වැද නමස්කාර කරන ජනතාව මානසික රෝගින්ට සලකන්නේ කෙසේද?
ගොනමඩිත්තේ පොඩි එකා ප්‍රථමයෙන් අපරාධ වින්දිතයෙකි. නීතිය තමාට පිහිට නොවන බව ඔහු දැන ගනියි. රටේ වැඩිහරියක් තියෙන්නේ අපරාධකරුවන් ආරක්ෂා කරන නීති බව දැන ගැනිමට පොඩි එකාට නීති ඉගෙන ගැනිමටම ඔනෑකමක් නැත. යුක්තියේ දෙවගන ස්ත්‍රී දුෂණයකට දඩුවමි කිරිමට වසර 5ක් හෝ 6ක පමණ කාලයක් ගන්නා බවද ඔහුට අමුතුවෙන් කියාදිය යුතු නැත. නිතිඥයින්ද කල දුටු තැන වල ඉහින පිරිසක් බව ඔහු අසා ඇත. ප්‍රතිඵලය පොඩි එකා නීතිය අතට ගැනිමයි. තම වැඩිමහල් සහෝදරියව දුෂණය කළ බාප්පොචිඡා පොඩි එකා අතින් මැරුමිකයි.
පොඩි එකා සිරගෙදරින් නිදහස්ව ගෙදර එනවිට සිය මහලු මව මානසික රෝගියෙකි. බුදුන්ගේ දේශයයි කියා බෝඩි අලවන පන්සල් පල්ලි දේවාල දකින වාරයක් වාරයක් පාසා වැද නමස්කාර කරන ජනතාව මානසික රෝගින්ට සලකන්නේ කෙසේද? පිස්සා කියන වචනය තවදුරටත් සාරධර්ම ගරු කරන බව කියා ගන්නා සමාජයකට කොතරමි දුරට ගැළපේද?
ආදරය කෙසේවෙතත් විවාහය තීරණය වන්නේ කුලය, ධනය හා බලය මතය. පොඩි එකා තමා හරක් බලා ගන්නා ගෙදර තරුණියට පෙමි කරයි. ඇය ඔහුව ඉතා නින්දිත ආකාරයට ප්‍රතික්ෂේප කරන්නිය. තත්වය දුරදිග ගොස් පොඩි එකා මාරාන්තික තුවාල ලබයි.
තමා වල දාන්නේ මළ මිනිසුන් පමණයි යනුවෙන් කියා ගන්නා මැල් නමි මිනිසා පොඩි එකාගේ රැකවරණයට පැමිණේ. මැල් ස්වාමියා තම පැවැත්ම සදහා ආයුධය කර ගන්නේ පොඩි එකාවයි.
මා අතට වයිටි ටයිගර් කෘතිය කියවිමට ලැබි මාස හයක් හෝ හතක් පමණ වේ. එය මට කියවන්නට කිවේ මගේ පියාය. ඔහුට ඒ පිළිබදව දැන ගැනිමට ලැබි ඇත්තේ ප්‍රවින මානව හිමිකමි ක්‍රියාකාරිකයකු ගෙනි. වයිටි ටයිගර් හි ප්‍රධාන චරිතය තම බෝස්ව මරා පොහොසත් වේ. අවසානයේ පොඩි එකාද මැල් මෙන් මිනි පෙටිටි බිස්නස් එක පටන් ගනි. මේ ඉක්මනින් පොහොසත්විමේ තවමත් අපේ සමාජයේ ඇතමි අපේ අය අනුගමනය කරන ක්‍රමවේදයයි. 
 ලිපියෙහි පූර්ණ අයිතිය: හර්ෂි සි. පෙරේරා

Tuesday, September 28, 2010

සිර ගෙදරට ආ ලියුමක්....

......................
තෙමයි
අනෝරා වැස්සට - පැල්කොටය
කුඩාඋන් නිදන්නේ 
දැන් ඇඳයටය.
සුවාමිනේ ඉන්නා
මහ-උළු-ගෙදර
නුඹවත් නොතෙමී 
ඉන්නා එක සතුටක්ය.............

ණයට දෙන්නට සතු‍ටු කළු මුදලාලි
බය නැතුව බඩු ගන්න යැයි කීවා.............
කටහඬට වත් ඇත්තේ මුළු පවුලටම
වැල් ඇඳයට නා‍ටු බල්ලා පමනක්ය..............

සුවාමීන්ට තැපුමට මහ උළු ගේක
කෙරූ අපරාධ වැලි- ලා නීතියට
සල්ලි බලෙන් අපෙ කූඩුව බින්දාට
පළි ගහනවා මම තවමත් දෙවියන්ට.............

තුන්වැන්නාත් දැන් ළඟ ළඟ උපදින්ට
ඌ ගෙන්වත් සෙතක් වේද මගෙ හිමියන්ට
වීගැහින් කෙරූ සිර - පවු ගෙවිලායන්ට
පානක් පත්තු කෙරුවෙමි යළි දෙවියන්ට

දරුවන්ගේ දුක් කරදර ඇහීයන්
මගේ සුසුම් හිරගේ ළඟ දැවීයන්
යකඩ කූරු රත්වී අත මිදීයන්
හීනෙන්වත් හිමි ගෙපැලට වැදීයන්

මේ සිර මැදිරි බිත්තියක ලියවුනු ‍රැඳවියකුගේ සිතුවිල්ලක්. මේය අපට කියවදදී මැවි පෙනෙන රූපය,  සැබැ ලෝකයේ විය හැකිද? ඔව් අනන්තව වී තිබේනවා. මේවන් නිර්මානයක් පහත් කොට සැලකීමට අපට නොහැක, මන්ද මේ ලියවී ඇත්තේ යතාර්ථය බැවිනී. කියවන්න, විඳින්න යමක් හිතන්න............

Friday, September 24, 2010

ඔන්න මම ගත්ත පින්තූර ටිකක්...

        අද මම හිතුවා මම ගත්ත පින්තූර ටිකක් දාන්න. මම මීට කලින් දවසකද මම ගත්ත පින්තූර ටිකක් දැම්මා.මෙන්න මෙතනින් යන්න පුලුවන් එතනට. පින්තූර ටික බලලා මුකුත් නොකියා යන්න එපා හොඳේ. කමෙන්ට් පාරකුත් දාල යන්න. හරි එහෙනම් ඔන්න

පින්තූර ලොකු කරලා බලන්න ඔනනම් පින්තුරය උඩ කිලික් කරන්න



මේ පින්තූරය ගන්න කොට හවස 5.30 විතර ඇති. අපේ ගෙවල් පිටිපස්සේ තියන වෙල්යායේ ඉන්නකොට ගත්ත පින්තූර්යක්. 



ඕන්න ප්ලේන් එකක්, මටත් අත්වනාගෙන ගියේ..




මේ සෝමාවතී වෙහෙරේ කොත්කැ‍රැල්ල. නිල් අහසත් එක්ක කොත ලස්සනට පේනවා. පින්තූරය ගන්නකොට දවල් 12.30 විතර ඇති.




ආ මේ මොකද්ද කියල අමුතුවෙන් කියන්න ඔන නැහැනේ මේ රේඩියෝ එකක් නේමයි  ඩීජේ ( DJ ) එකක්. මගුල් ගේදරකට ගියවෙලාවේ තමයි ගත්තේ..



මේකත් ගත්තේ අපේ ගෙවල් පිටිපසේ තියන වේලේදී. සවස 6.00 විතර ඇති. 




පැණි කුරුල්ලෙක්, කාමරේ ගාව තියන ගහකට ආපුවෙලාවේ ගත්තේ.




මේ කුරුළුගොයා ලු මම නම් හැබැයි රාජාලියෙක් ව්ගේ දැක්කේ. කොහොම උනත් ලස්සන කුරුල්ලෙක්.




අපේ ගෙදරට ඇතුලුවන ගේට්‍ටුව.




පිච්ච මලක් හොඳට බැලුවොත් වතුර බින්දු පවා බලාගන්න පුලුවන්. 

ඉතින් ඡායාරූපකරණයට මම ගොඩක් ආසයි. ගොඩක් කැමති. තවත්  පින්තූර මම දානව බ්ලොග් එකට. ඉතින් යනගමන් පොඩි අදහසක් දාල ගියොත් ගොඩක් වටිනවා. නැතත් කමක් නැහැ බලලා සතු‍ටු උනානම් එච්චරයි....

Saturday, September 11, 2010

සිරකරුවෝත් මනුෂ්‍යයෝය.


වැලිකඩ බන්ධණාගාරය ගාවින් යනකොට දකින්න පුලුවන් වදනක් තමයි මම මගේ මාතෘකාවට දැම්මේ. (සිරකරුවෝත් මනුෂ්‍යයෝය) ඒ විතරක් නේමයි අද මම ලියන බ්ලොග් සටහනද සමහරු පිලිකුල් ලෙස හෙලාදකින සිරකරුවන් ගැනයි. ඇයි මේ අය හෙලා දකින්නේ.. අපෝ උන් මිනී මරුවෝ, උම්බට පිස්සුද උන් කාලකන්නි. මේහෙමයි සමහරක් අය බන්ධණාගාර ගතවූ මිනිසුන් ගැන හිතන්නේ. හ්ම්... මොනවා කරන්නද ඒ උදවිය හිතන ව්දිහ. මේ බ්ලොග් ලිපිය ලියන්නට තවත් හේතුවූ දෙයක් තියනවා. ඒ 2010.09.12 යේදී ඇති සිරකරු සුභසාදක දිනයයි. සිරකරුවන් ගේ සුභසාදකය හොඳයිද? ඔව්න් නැවතත් සමාජයට එන්නේ හොඳ පුරවැසියකු ලෙසද? නැත්නම් ඇතුලට ගියාට වඩා නරක් වෙලාද? අද අප හමුවේ ඇත්තේ අන්න ඒ ගැටලුවයි. හරි අපි බලමු.... සිර ජීවිතය කියන්නේ අමුතුම අමුතු එකක්, මොකද බිත්තිවලින් වටවු නිදහසේ එහෙමෙහේ යාමට නොහැකි ජීවිතයක්. හිතන්න ඔබ කාමරයකට දමා දොරවල් වලට අගුලු දමා, සිර කර තැබුවොත්? ඔව් ඔබ දවසක් හ්ම්..... දෙකක්, නැත්නම් උපරිමය් දින තුනක් ඉන්න පුලුවන්ද? බැහැ නේද. ඔව් මටත් බැහැ. අන්න ඉටත් වඩා අන්තයට ගිය තැනක් සිර ජීවිතය. මේ සිර ජීවිතය ගැන අප සගයෙක් තම අත්දැකීම් තම බ්ලොග් අඩවියෙන්ද පවසා තිබෙනවා.

අද වන විට් තිබෙන බරපතලම ගැටලුව තමයි තද බදය. සිරකරුවන් ‍රැඳි සිටින වාට්‍ටුව්ක සිටියහැක්කේ පනස්දෙනෙකුටනම් එහි ‍රැඳීසිරිනවා එකසිය පනස්දෙනෙකු. ඉතින් තව වෙන කුමන කතාද? මේ තදබදය ඇතිවීමට බලපාන ප්‍රධාන ගැටලුවක් තමයි ඉතා සුලු වැරදි වලට පවා හිර ගෙදරට යාම. මේයට විසඳුමක් ලෙස ප්‍රජා විශෝධනය නීති තිබුනත් එය ක්‍රියාත්මක වීම ඉතා මන්දගාමී. නැත්නම් ඒසේ සුලු වැරදිවල හසුවන චූදිතයන් සමජ සේවයට යොදාගත හැහ. එමෙන්ම රජයේ ඉදිරි සංවර්ධන කටයුතු වලට ඇවසි මිනිස් ශ්‍රමයක් ලෙස යොදාගත හැක. ඒමගින් මේසේ සිර තදබදය අඩුකරගත හැක. ත්වත් තවත් එක් බර පතල ගැටලුවක් තමයි මොවුන්ගේ සනීපාරක්ෂක කටයුතු. මේහිදී මිනිස් මූලික අවෂතා වත් ඔවුන්ට ලැබෙනවාද? කැම බීම, බේහෙත්, ජලය (බීමට හා පිරිසිඳු කටයුතුවලට) එමේන්ම වැසිකිලි කැසිකිලි ආදිය. පිරිස වැඩිවත්ම ඔවුන්ට අවශ්‍ය සනීපාරක්ෂක කටයුතු සීමා වෙන්වා විශේෂයෙන්ම, ජලය, වැසිකිලි කැසිකිලි පසුකම් ආදී. නමුත් එය පිරිස වැඩිවත්ම එම පසුකම් වැඩිවනේ නැහැ , සීමාවීමක් පමනි සිදුවනේ.

තවත් අප කතා කලයුතු වැදගත්ම කරුනක් වන්නේ සිරගෙයතුල මත්ද්‍රව්‍ය ජාවාරමයි. මා සිතන විදිහට මේය සංවිදානත්මකව සිදුවන්නක්. මන්ද සිරගෙයක් එමන්ම එහි වට පිටාවත් ඉතා ආරක්ෂිත ස්ථානයක්. එහෙම තැනක කොහොමද මත්ද්‍රව්‍ය තියෙන්නේ. ප්‍රශ්නය මෙකයි, හිර ගෙදරක මිනිසෙක් යන්නේ නිසි පුනුරුත්තාපන ක්‍රියාවලියකටයි. ඒසේයන මිනිසා නැවත එන්නේ කුඩු කාරයෙක්, ගන්ජා කරායෙක් වෙලානම්. සමාජය බලාපොරොත්තු වෙන පුනුරුත්තාපනය කුමක්ද? එමෙන්ම තරුණ ව‍රැදි කරුවන් හා ප්‍රතමව සිරගෙයට පැමිනෙන්නන් පැරණි ‍රැඳවියන් සමග දැමීමේන් ඔවුන් තවත් නරක අතට පත්වීමට බොහෝදුරට ඉඩ ඇත. එමන්ම ඔවුන් අතර සමලිංගික ඇසුරද පැවතීමට බොහෝ දුර ඉඩ ඇත. හිරගෙදරට අනියුක්තව වෙද්‍යවරයේක් ඇත. ඔහුගේ සේවය නිසිපරිදි සිදුවේද? ‍රැඳවියන්ට අවශ්‍යය බෙහෙත් හා අනෙකුත් උපදෙස් ඔව්න්ට ලැබේනවාද? යන්න අප සිතියයුතුය.

තවත් සිදුවුය යුතු කරුණක් වන්නේ සිරකරවන්ගේ ඇඳුම. මෙය වෙනස්විය යුතුය. එය නිකම්ම නිකන් විලි වසාගන්නට පොරවගන්නා රෙදිකඩමාල්ලක් නොවිය යුතුය, මන්දයත් ඔවුන්ටද අනෙකුත් මිනිසුන්ට තිබෙන්නාවු ලැජ්ජාව තිබෙන නිසා. තවත් කරුණක් ඔවුන්ගේ අහාර පාන පිරිසිඳුව සැපයිය යුතුය. මේ සියලුම කරුණු ප්‍රායොගිකව කලහැක. නොකරන්නේනම් ඒ ඔවුන්ට කරන අපරාධයක් නොව බලධාරීන් සමාජයට කරනා අපරාධයකි.

එක්සත් ජාතින්ගේ සිරකරුවන්ට සැලකීම පිළිබඳ ප්‍රමිතිගත අවම රීති සහ අදාළ නිර්දේශ (standard minimum rules for the treatment of prisoners) යටතේ 58 වෙනි වගන්ති යෙන් කියවෙන්නේ
58."වරදකරුවන්ගේ නිදහස සීමා කර බන්ධණාගාර හෝ ආයතන ගත කිරීම සාධාරනීයකරණය වන්නේ අපරාධවලින් සමාජය ආරක්ෂා කිරීමේ අරමුන නිසාවේනි. එම එම සමජ අරමුණ සාක්ෂාත් කරගත හැකිවනුයේ වරදකරුවන්ගේ බන්ධණාගාර ජීවිතය නීතිගරුක පුරවැසි භාවය හා ස්වයං සහායක ජීවිත උවමනාව මෙන්ම හැකියාවන්ද ජනිත කරවන්නේනම් පමණි"


58. The purpose and justification of a sentence of imprisonment or a similar measure deprivative of liberty is ultimately to protect society against crime. This end can only be achieved if the period of imprisonment is used to ensure, so far as possible, that upon his return to society the offender is not only willing but able to lead a law-abiding and self-supporting life.

මේහිදී මෙම නීතී රීති වල අප බැඳීපවතී. කෙසේ වෙතත් අද ලංකාව ගමන් කරනේ ආසියාවේ ආශ්චර්යය වීමටය, ඒ යන ගමනේ දී මේ මිනිසුන් කොටසද අමතක නොකලයුතුය, මන්දයත් ඒ යනගමනේ මොවුන් ද හවුල් කරුවන් වෙන බැවිනි. එමෙන්ම ඔවුන්ද මනුෂයෝය..

පහත තිබෙන නිසඳැස කියවන්න, තෙරුම් ගන්න, සිතන්න, මේ ‍රැඳවියෙකුගේ තනිකමට ඔහු හිර කූඩුවේ බිත්තියෙ මේසේ ලියන ලදී....

පෙරදිග අහසින් නැවතත් හිරු පායා එයි.
ඒ තවත් දවසක ආරම්භයයි.
ලොව ගමන් කරමින් ඇත.
මගේ ලොව තවමත් එතනමය.
මැදිරියේ කුඩා කවුළුව අතුරින්
සිරකුටියට හිරුඑලිය පතිත වෙයි.
මා එම කුඩා කවුළුවේ යකඩ පොළු අතරින්
නිල්වන් අහස්කුස දෙස බලමි.
ඇත්තේ හිස් බවක් පමණි.
මගේ ජීවිතයත් එසේමය.
පාළුව තනිකම මා වෙලාගෙන ඇත.
ඒත් බලපොරොත්තු අත්නොහරමි.
හදවත් ඇතිමිනිසුනේ අසනු මැනවි.
මා නැවත කියමි.තුන්තිස් පැය පුරාවටම
මා යමක් සොයමි, පතමි, යදිමි.............

Thursday, August 12, 2010

ඔබ සැබෑ ලක් පුතෙකි.......



මුලින්ම පැවසිය යුත්තේ ඔබ සදා අමරණීයයි !! යන්නයි. හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ පස්වන ගුණසමරුව 2010.08.12 වන දිනට යේදී තිබුනා. සැබැ මානව හිතවාදියකු වු කදිරගාමර් මහතා ශ්‍රිලංකාවේ නාමය ඉහලට එසවීමට බොහෝ කැපකිරිම් කල එඩිතර මිනිසෙකි. ලෝක ප්‍රජාව ඉදිරියේ කොටි ත්‍රස්තවාදය මුලින් උපුටා දැමිය යුතුමයි කියා ඔහු එඩිතරව ප්‍රකාශ කල වතාවන් බොහෝමයි. කොටි ත්‍රස්තවාදය යුධ කටයුතු සඳහා ළමුන් යොදා ගන්නා බව ඔහු වරක් එකසත් ජාතින්ගේ සැසිවාරයකදි හඬගා පැසුවේ කවුරුත් පුදුමයකට පත්කරමින්. උප්පත්තියෙන් දෙමල කිතුනුවකු වු ලක්ෂ්මන් කදිරගාමර් මහතා එකසත් ජාතින්ගේ සංවිධානයට වෙසක් පොය දිනය ජාතියන්තර නිවාඩුදිනයක් කිරීමට යෝජනාවද ඉදිරිපත් කලේද මොහුයි. ඔහුගේ නිවසේ සිටියදී කොටි ත්‍රස්තවාදීන්ගේ ස්නයිෆර් ගොදුරක් බවට පත් වු මෙතුමා අප හැර ගියේ මුලු ලොවම කම්පා කරමින්. ශ්‍රි ලංකවේ සැබැපුත්‍රයා අපෙන් සමුගෙන ගියේ රටට අවශම කාලයේදී. ඔබගේ නාමය සදා අමරණීයයි...



Saturday, July 31, 2010

අද ගොඩක් සතු‍ටු දවසක්෴

අද ගොඩක් සතු‍ටු දවසක් මම මගේ බ්ලොග් අඩවිය (පැතුම්ගේ සටහන්..෴) පටන් ගෙන මාස දෙකක් වෙනවා අද වෙනකොට, මගේ බ්ලොග් අඩවියට දහසකට වඩා අය ඇවිත් තිබුනා. ඉතින් මට මේක ගොඩක් සතුටක්. ඒ එක්කම අපේ බ්ලොග් කරුවකු වන කුමුදු ලාල් පින්තු මහතාගේ අභාවය පිලිබඳව මා ඉතාමත් කම්පනයකට පත් උනා. කොහොම උනත් මගේ බ්ලොග් දිවියේ අමතක නොවන දිනයක් අද. මේ අතර මගේ බ්ලොග් අඩවියට උදව් කල සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදටද, ලාංකීය සිතුවිලි කියවනයටද, මොබයිල් එල්.කේ බ්ලොග් කියවනයටද මාගේ ස්තුතිය පලකරනවා. ඒ වගේම අදස් දැක්වු සියලු හිත මිත්‍රයන්ට මා මේ මොහොතේ ස්තුති වන්ත වෙනවා. ආ කියන්න අමතක උනා, මා මුලින්ම සින්හල යුනි කේත වලින් බ්ලොග් ලිපි දැමේමේ තමීර සේනානායක මහතාගේ නිර්මාණයක් වන සිංග්ලිෂ් වලින් ටයිප් කර සිංහල යුනිකෝඩ් ලබාගත හැකි කුඩා මෘදුකාංගයක් ඔස්සේ ය. ඉතින් තමීර සේනානායක මහතාටද මා මේ මොහොතේ ස්තුති වන්ත වෙනවා. ඉතින් අපි නැවත අලුත් ලිපියකින් හමුවෙමු...