යන එන උදවිය

Pages

Friday, October 29, 2010

බඹර වළල්ල: ශ්‍රී ලාංකීය සිනමාවේ වයිටි ටයිගර්


බඹර වළල්ල චිත්‍රපටිය අපේ සමාජයේ යථාර්ථයයි පැවසිම අසත්‍යයක් නොවේ. නමුත් එය මේ රටේ මානව හිමිකමි හෝ නීතියේ ආධිපත්‍යය බිදවැටි ඇතැයි පිළිගන්නට අකමැති ඒවා සැගවිමට දත කන පුද්ගලයින්ගේ වෛරයට හෝ මර්ධනයට ලක්විමකි. මේ චිත්‍රපටය අපේ රටේ පවතින නීතිය නොමැතිකම, අරාජිකත්වය මැනවින් නීරුපනය කරයි.
පොඩි එකා සිරගෙදරින් නිදහස්ව ගෙදර එනවිට සිය මහලු මව මානසික රෝගියෙකි. බුදුන්ගේ දේශයයි කියා බෝඩි අලවන පන්සල් පල්ලි දේවාල දකින වාරයක් වාරයක් පාසා වැද නමස්කාර කරන ජනතාව මානසික රෝගින්ට සලකන්නේ කෙසේද?
ගොනමඩිත්තේ පොඩි එකා ප්‍රථමයෙන් අපරාධ වින්දිතයෙකි. නීතිය තමාට පිහිට නොවන බව ඔහු දැන ගනියි. රටේ වැඩිහරියක් තියෙන්නේ අපරාධකරුවන් ආරක්ෂා කරන නීති බව දැන ගැනිමට පොඩි එකාට නීති ඉගෙන ගැනිමටම ඔනෑකමක් නැත. යුක්තියේ දෙවගන ස්ත්‍රී දුෂණයකට දඩුවමි කිරිමට වසර 5ක් හෝ 6ක පමණ කාලයක් ගන්නා බවද ඔහුට අමුතුවෙන් කියාදිය යුතු නැත. නිතිඥයින්ද කල දුටු තැන වල ඉහින පිරිසක් බව ඔහු අසා ඇත. ප්‍රතිඵලය පොඩි එකා නීතිය අතට ගැනිමයි. තම වැඩිමහල් සහෝදරියව දුෂණය කළ බාප්පොචිඡා පොඩි එකා අතින් මැරුමිකයි.
පොඩි එකා සිරගෙදරින් නිදහස්ව ගෙදර එනවිට සිය මහලු මව මානසික රෝගියෙකි. බුදුන්ගේ දේශයයි කියා බෝඩි අලවන පන්සල් පල්ලි දේවාල දකින වාරයක් වාරයක් පාසා වැද නමස්කාර කරන ජනතාව මානසික රෝගින්ට සලකන්නේ කෙසේද? පිස්සා කියන වචනය තවදුරටත් සාරධර්ම ගරු කරන බව කියා ගන්නා සමාජයකට කොතරමි දුරට ගැළපේද?
ආදරය කෙසේවෙතත් විවාහය තීරණය වන්නේ කුලය, ධනය හා බලය මතය. පොඩි එකා තමා හරක් බලා ගන්නා ගෙදර තරුණියට පෙමි කරයි. ඇය ඔහුව ඉතා නින්දිත ආකාරයට ප්‍රතික්ෂේප කරන්නිය. තත්වය දුරදිග ගොස් පොඩි එකා මාරාන්තික තුවාල ලබයි.
තමා වල දාන්නේ මළ මිනිසුන් පමණයි යනුවෙන් කියා ගන්නා මැල් නමි මිනිසා පොඩි එකාගේ රැකවරණයට පැමිණේ. මැල් ස්වාමියා තම පැවැත්ම සදහා ආයුධය කර ගන්නේ පොඩි එකාවයි.
මා අතට වයිටි ටයිගර් කෘතිය කියවිමට ලැබි මාස හයක් හෝ හතක් පමණ වේ. එය මට කියවන්නට කිවේ මගේ පියාය. ඔහුට ඒ පිළිබදව දැන ගැනිමට ලැබි ඇත්තේ ප්‍රවින මානව හිමිකමි ක්‍රියාකාරිකයකු ගෙනි. වයිටි ටයිගර් හි ප්‍රධාන චරිතය තම බෝස්ව මරා පොහොසත් වේ. අවසානයේ පොඩි එකාද මැල් මෙන් මිනි පෙටිටි බිස්නස් එක පටන් ගනි. මේ ඉක්මනින් පොහොසත්විමේ තවමත් අපේ සමාජයේ ඇතමි අපේ අය අනුගමනය කරන ක්‍රමවේදයයි. 
 ලිපියෙහි පූර්ණ අයිතිය: හර්ෂි සි. පෙරේරා

Tuesday, September 28, 2010

සිර ගෙදරට ආ ලියුමක්....

......................
තෙමයි
අනෝරා වැස්සට - පැල්කොටය
කුඩාඋන් නිදන්නේ 
දැන් ඇඳයටය.
සුවාමිනේ ඉන්නා
මහ-උළු-ගෙදර
නුඹවත් නොතෙමී 
ඉන්නා එක සතුටක්ය.............

ණයට දෙන්නට සතු‍ටු කළු මුදලාලි
බය නැතුව බඩු ගන්න යැයි කීවා.............
කටහඬට වත් ඇත්තේ මුළු පවුලටම
වැල් ඇඳයට නා‍ටු බල්ලා පමනක්ය..............

සුවාමීන්ට තැපුමට මහ උළු ගේක
කෙරූ අපරාධ වැලි- ලා නීතියට
සල්ලි බලෙන් අපෙ කූඩුව බින්දාට
පළි ගහනවා මම තවමත් දෙවියන්ට.............

තුන්වැන්නාත් දැන් ළඟ ළඟ උපදින්ට
ඌ ගෙන්වත් සෙතක් වේද මගෙ හිමියන්ට
වීගැහින් කෙරූ සිර - පවු ගෙවිලායන්ට
පානක් පත්තු කෙරුවෙමි යළි දෙවියන්ට

දරුවන්ගේ දුක් කරදර ඇහීයන්
මගේ සුසුම් හිරගේ ළඟ දැවීයන්
යකඩ කූරු රත්වී අත මිදීයන්
හීනෙන්වත් හිමි ගෙපැලට වැදීයන්

මේ සිර මැදිරි බිත්තියක ලියවුනු ‍රැඳවියකුගේ සිතුවිල්ලක්. මේය අපට කියවදදී මැවි පෙනෙන රූපය,  සැබැ ලෝකයේ විය හැකිද? ඔව් අනන්තව වී තිබේනවා. මේවන් නිර්මානයක් පහත් කොට සැලකීමට අපට නොහැක, මන්ද මේ ලියවී ඇත්තේ යතාර්ථය බැවිනී. කියවන්න, විඳින්න යමක් හිතන්න............

Friday, September 24, 2010

ඔන්න මම ගත්ත පින්තූර ටිකක්...

        අද මම හිතුවා මම ගත්ත පින්තූර ටිකක් දාන්න. මම මීට කලින් දවසකද මම ගත්ත පින්තූර ටිකක් දැම්මා.මෙන්න මෙතනින් යන්න පුලුවන් එතනට. පින්තූර ටික බලලා මුකුත් නොකියා යන්න එපා හොඳේ. කමෙන්ට් පාරකුත් දාල යන්න. හරි එහෙනම් ඔන්න

පින්තූර ලොකු කරලා බලන්න ඔනනම් පින්තුරය උඩ කිලික් කරන්න



මේ පින්තූරය ගන්න කොට හවස 5.30 විතර ඇති. අපේ ගෙවල් පිටිපස්සේ තියන වෙල්යායේ ඉන්නකොට ගත්ත පින්තූර්යක්. 



ඕන්න ප්ලේන් එකක්, මටත් අත්වනාගෙන ගියේ..




මේ සෝමාවතී වෙහෙරේ කොත්කැ‍රැල්ල. නිල් අහසත් එක්ක කොත ලස්සනට පේනවා. පින්තූරය ගන්නකොට දවල් 12.30 විතර ඇති.




ආ මේ මොකද්ද කියල අමුතුවෙන් කියන්න ඔන නැහැනේ මේ රේඩියෝ එකක් නේමයි  ඩීජේ ( DJ ) එකක්. මගුල් ගේදරකට ගියවෙලාවේ තමයි ගත්තේ..



මේකත් ගත්තේ අපේ ගෙවල් පිටිපසේ තියන වේලේදී. සවස 6.00 විතර ඇති. 




පැණි කුරුල්ලෙක්, කාමරේ ගාව තියන ගහකට ආපුවෙලාවේ ගත්තේ.




මේ කුරුළුගොයා ලු මම නම් හැබැයි රාජාලියෙක් ව්ගේ දැක්කේ. කොහොම උනත් ලස්සන කුරුල්ලෙක්.




අපේ ගෙදරට ඇතුලුවන ගේට්‍ටුව.




පිච්ච මලක් හොඳට බැලුවොත් වතුර බින්දු පවා බලාගන්න පුලුවන්. 

ඉතින් ඡායාරූපකරණයට මම ගොඩක් ආසයි. ගොඩක් කැමති. තවත්  පින්තූර මම දානව බ්ලොග් එකට. ඉතින් යනගමන් පොඩි අදහසක් දාල ගියොත් ගොඩක් වටිනවා. නැතත් කමක් නැහැ බලලා සතු‍ටු උනානම් එච්චරයි....

Saturday, September 11, 2010

සිරකරුවෝත් මනුෂ්‍යයෝය.


වැලිකඩ බන්ධණාගාරය ගාවින් යනකොට දකින්න පුලුවන් වදනක් තමයි මම මගේ මාතෘකාවට දැම්මේ. (සිරකරුවෝත් මනුෂ්‍යයෝය) ඒ විතරක් නේමයි අද මම ලියන බ්ලොග් සටහනද සමහරු පිලිකුල් ලෙස හෙලාදකින සිරකරුවන් ගැනයි. ඇයි මේ අය හෙලා දකින්නේ.. අපෝ උන් මිනී මරුවෝ, උම්බට පිස්සුද උන් කාලකන්නි. මේහෙමයි සමහරක් අය බන්ධණාගාර ගතවූ මිනිසුන් ගැන හිතන්නේ. හ්ම්... මොනවා කරන්නද ඒ උදවිය හිතන ව්දිහ. මේ බ්ලොග් ලිපිය ලියන්නට තවත් හේතුවූ දෙයක් තියනවා. ඒ 2010.09.12 යේදී ඇති සිරකරු සුභසාදක දිනයයි. සිරකරුවන් ගේ සුභසාදකය හොඳයිද? ඔව්න් නැවතත් සමාජයට එන්නේ හොඳ පුරවැසියකු ලෙසද? නැත්නම් ඇතුලට ගියාට වඩා නරක් වෙලාද? අද අප හමුවේ ඇත්තේ අන්න ඒ ගැටලුවයි. හරි අපි බලමු.... සිර ජීවිතය කියන්නේ අමුතුම අමුතු එකක්, මොකද බිත්තිවලින් වටවු නිදහසේ එහෙමෙහේ යාමට නොහැකි ජීවිතයක්. හිතන්න ඔබ කාමරයකට දමා දොරවල් වලට අගුලු දමා, සිර කර තැබුවොත්? ඔව් ඔබ දවසක් හ්ම්..... දෙකක්, නැත්නම් උපරිමය් දින තුනක් ඉන්න පුලුවන්ද? බැහැ නේද. ඔව් මටත් බැහැ. අන්න ඉටත් වඩා අන්තයට ගිය තැනක් සිර ජීවිතය. මේ සිර ජීවිතය ගැන අප සගයෙක් තම අත්දැකීම් තම බ්ලොග් අඩවියෙන්ද පවසා තිබෙනවා.

අද වන විට් තිබෙන බරපතලම ගැටලුව තමයි තද බදය. සිරකරුවන් ‍රැඳි සිටින වාට්‍ටුව්ක සිටියහැක්කේ පනස්දෙනෙකුටනම් එහි ‍රැඳීසිරිනවා එකසිය පනස්දෙනෙකු. ඉතින් තව වෙන කුමන කතාද? මේ තදබදය ඇතිවීමට බලපාන ප්‍රධාන ගැටලුවක් තමයි ඉතා සුලු වැරදි වලට පවා හිර ගෙදරට යාම. මේයට විසඳුමක් ලෙස ප්‍රජා විශෝධනය නීති තිබුනත් එය ක්‍රියාත්මක වීම ඉතා මන්දගාමී. නැත්නම් ඒසේ සුලු වැරදිවල හසුවන චූදිතයන් සමජ සේවයට යොදාගත හැහ. එමෙන්ම රජයේ ඉදිරි සංවර්ධන කටයුතු වලට ඇවසි මිනිස් ශ්‍රමයක් ලෙස යොදාගත හැක. ඒමගින් මේසේ සිර තදබදය අඩුකරගත හැක. ත්වත් තවත් එක් බර පතල ගැටලුවක් තමයි මොවුන්ගේ සනීපාරක්ෂක කටයුතු. මේහිදී මිනිස් මූලික අවෂතා වත් ඔවුන්ට ලැබෙනවාද? කැම බීම, බේහෙත්, ජලය (බීමට හා පිරිසිඳු කටයුතුවලට) එමේන්ම වැසිකිලි කැසිකිලි ආදිය. පිරිස වැඩිවත්ම ඔවුන්ට අවශ්‍ය සනීපාරක්ෂක කටයුතු සීමා වෙන්වා විශේෂයෙන්ම, ජලය, වැසිකිලි කැසිකිලි පසුකම් ආදී. නමුත් එය පිරිස වැඩිවත්ම එම පසුකම් වැඩිවනේ නැහැ , සීමාවීමක් පමනි සිදුවනේ.

තවත් අප කතා කලයුතු වැදගත්ම කරුනක් වන්නේ සිරගෙයතුල මත්ද්‍රව්‍ය ජාවාරමයි. මා සිතන විදිහට මේය සංවිදානත්මකව සිදුවන්නක්. මන්ද සිරගෙයක් එමන්ම එහි වට පිටාවත් ඉතා ආරක්ෂිත ස්ථානයක්. එහෙම තැනක කොහොමද මත්ද්‍රව්‍ය තියෙන්නේ. ප්‍රශ්නය මෙකයි, හිර ගෙදරක මිනිසෙක් යන්නේ නිසි පුනුරුත්තාපන ක්‍රියාවලියකටයි. ඒසේයන මිනිසා නැවත එන්නේ කුඩු කාරයෙක්, ගන්ජා කරායෙක් වෙලානම්. සමාජය බලාපොරොත්තු වෙන පුනුරුත්තාපනය කුමක්ද? එමෙන්ම තරුණ ව‍රැදි කරුවන් හා ප්‍රතමව සිරගෙයට පැමිනෙන්නන් පැරණි ‍රැඳවියන් සමග දැමීමේන් ඔවුන් තවත් නරක අතට පත්වීමට බොහෝදුරට ඉඩ ඇත. එමන්ම ඔවුන් අතර සමලිංගික ඇසුරද පැවතීමට බොහෝ දුර ඉඩ ඇත. හිරගෙදරට අනියුක්තව වෙද්‍යවරයේක් ඇත. ඔහුගේ සේවය නිසිපරිදි සිදුවේද? ‍රැඳවියන්ට අවශ්‍යය බෙහෙත් හා අනෙකුත් උපදෙස් ඔව්න්ට ලැබේනවාද? යන්න අප සිතියයුතුය.

තවත් සිදුවුය යුතු කරුණක් වන්නේ සිරකරවන්ගේ ඇඳුම. මෙය වෙනස්විය යුතුය. එය නිකම්ම නිකන් විලි වසාගන්නට පොරවගන්නා රෙදිකඩමාල්ලක් නොවිය යුතුය, මන්දයත් ඔවුන්ටද අනෙකුත් මිනිසුන්ට තිබෙන්නාවු ලැජ්ජාව තිබෙන නිසා. තවත් කරුණක් ඔවුන්ගේ අහාර පාන පිරිසිඳුව සැපයිය යුතුය. මේ සියලුම කරුණු ප්‍රායොගිකව කලහැක. නොකරන්නේනම් ඒ ඔවුන්ට කරන අපරාධයක් නොව බලධාරීන් සමාජයට කරනා අපරාධයකි.

එක්සත් ජාතින්ගේ සිරකරුවන්ට සැලකීම පිළිබඳ ප්‍රමිතිගත අවම රීති සහ අදාළ නිර්දේශ (standard minimum rules for the treatment of prisoners) යටතේ 58 වෙනි වගන්ති යෙන් කියවෙන්නේ
58."වරදකරුවන්ගේ නිදහස සීමා කර බන්ධණාගාර හෝ ආයතන ගත කිරීම සාධාරනීයකරණය වන්නේ අපරාධවලින් සමාජය ආරක්ෂා කිරීමේ අරමුන නිසාවේනි. එම එම සමජ අරමුණ සාක්ෂාත් කරගත හැකිවනුයේ වරදකරුවන්ගේ බන්ධණාගාර ජීවිතය නීතිගරුක පුරවැසි භාවය හා ස්වයං සහායක ජීවිත උවමනාව මෙන්ම හැකියාවන්ද ජනිත කරවන්නේනම් පමණි"


58. The purpose and justification of a sentence of imprisonment or a similar measure deprivative of liberty is ultimately to protect society against crime. This end can only be achieved if the period of imprisonment is used to ensure, so far as possible, that upon his return to society the offender is not only willing but able to lead a law-abiding and self-supporting life.

මේහිදී මෙම නීතී රීති වල අප බැඳීපවතී. කෙසේ වෙතත් අද ලංකාව ගමන් කරනේ ආසියාවේ ආශ්චර්යය වීමටය, ඒ යන ගමනේ දී මේ මිනිසුන් කොටසද අමතක නොකලයුතුය, මන්දයත් ඒ යනගමනේ මොවුන් ද හවුල් කරුවන් වෙන බැවිනි. එමෙන්ම ඔවුන්ද මනුෂයෝය..

පහත තිබෙන නිසඳැස කියවන්න, තෙරුම් ගන්න, සිතන්න, මේ ‍රැඳවියෙකුගේ තනිකමට ඔහු හිර කූඩුවේ බිත්තියෙ මේසේ ලියන ලදී....

පෙරදිග අහසින් නැවතත් හිරු පායා එයි.
ඒ තවත් දවසක ආරම්භයයි.
ලොව ගමන් කරමින් ඇත.
මගේ ලොව තවමත් එතනමය.
මැදිරියේ කුඩා කවුළුව අතුරින්
සිරකුටියට හිරුඑලිය පතිත වෙයි.
මා එම කුඩා කවුළුවේ යකඩ පොළු අතරින්
නිල්වන් අහස්කුස දෙස බලමි.
ඇත්තේ හිස් බවක් පමණි.
මගේ ජීවිතයත් එසේමය.
පාළුව තනිකම මා වෙලාගෙන ඇත.
ඒත් බලපොරොත්තු අත්නොහරමි.
හදවත් ඇතිමිනිසුනේ අසනු මැනවි.
මා නැවත කියමි.තුන්තිස් පැය පුරාවටම
මා යමක් සොයමි, පතමි, යදිමි.............

Thursday, August 12, 2010

ඔබ සැබෑ ලක් පුතෙකි.......



මුලින්ම පැවසිය යුත්තේ ඔබ සදා අමරණීයයි !! යන්නයි. හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ පස්වන ගුණසමරුව 2010.08.12 වන දිනට යේදී තිබුනා. සැබැ මානව හිතවාදියකු වු කදිරගාමර් මහතා ශ්‍රිලංකාවේ නාමය ඉහලට එසවීමට බොහෝ කැපකිරිම් කල එඩිතර මිනිසෙකි. ලෝක ප්‍රජාව ඉදිරියේ කොටි ත්‍රස්තවාදය මුලින් උපුටා දැමිය යුතුමයි කියා ඔහු එඩිතරව ප්‍රකාශ කල වතාවන් බොහෝමයි. කොටි ත්‍රස්තවාදය යුධ කටයුතු සඳහා ළමුන් යොදා ගන්නා බව ඔහු වරක් එකසත් ජාතින්ගේ සැසිවාරයකදි හඬගා පැසුවේ කවුරුත් පුදුමයකට පත්කරමින්. උප්පත්තියෙන් දෙමල කිතුනුවකු වු ලක්ෂ්මන් කදිරගාමර් මහතා එකසත් ජාතින්ගේ සංවිධානයට වෙසක් පොය දිනය ජාතියන්තර නිවාඩුදිනයක් කිරීමට යෝජනාවද ඉදිරිපත් කලේද මොහුයි. ඔහුගේ නිවසේ සිටියදී කොටි ත්‍රස්තවාදීන්ගේ ස්නයිෆර් ගොදුරක් බවට පත් වු මෙතුමා අප හැර ගියේ මුලු ලොවම කම්පා කරමින්. ශ්‍රි ලංකවේ සැබැපුත්‍රයා අපෙන් සමුගෙන ගියේ රටට අවශම කාලයේදී. ඔබගේ නාමය සදා අමරණීයයි...



Saturday, July 31, 2010

අද ගොඩක් සතු‍ටු දවසක්෴

අද ගොඩක් සතු‍ටු දවසක් මම මගේ බ්ලොග් අඩවිය (පැතුම්ගේ සටහන්..෴) පටන් ගෙන මාස දෙකක් වෙනවා අද වෙනකොට, මගේ බ්ලොග් අඩවියට දහසකට වඩා අය ඇවිත් තිබුනා. ඉතින් මට මේක ගොඩක් සතුටක්. ඒ එක්කම අපේ බ්ලොග් කරුවකු වන කුමුදු ලාල් පින්තු මහතාගේ අභාවය පිලිබඳව මා ඉතාමත් කම්පනයකට පත් උනා. කොහොම උනත් මගේ බ්ලොග් දිවියේ අමතක නොවන දිනයක් අද. මේ අතර මගේ බ්ලොග් අඩවියට උදව් කල සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදටද, ලාංකීය සිතුවිලි කියවනයටද, මොබයිල් එල්.කේ බ්ලොග් කියවනයටද මාගේ ස්තුතිය පලකරනවා. ඒ වගේම අදස් දැක්වු සියලු හිත මිත්‍රයන්ට මා මේ මොහොතේ ස්තුති වන්ත වෙනවා. ආ කියන්න අමතක උනා, මා මුලින්ම සින්හල යුනි කේත වලින් බ්ලොග් ලිපි දැමේමේ තමීර සේනානායක මහතාගේ නිර්මාණයක් වන සිංග්ලිෂ් වලින් ටයිප් කර සිංහල යුනිකෝඩ් ලබාගත හැකි කුඩා මෘදුකාංගයක් ඔස්සේ ය. ඉතින් තමීර සේනානායක මහතාටද මා මේ මොහොතේ ස්තුති වන්ත වෙනවා. ඉතින් අපි නැවත අලුත් ලිපියකින් හමුවෙමු...

Thursday, July 22, 2010

දළඳා හාමුදුරුවනේ පහත මාලයට වඩින්න !

පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න

හීල් හෙවනෙ ඉඳගෙන බෑ
හේන් කුඹුරු වැඩ කරන්න //
ඇඟ පත කළු උනත් අපේ
කිලි කුනු නැති හිත බලන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න

පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න

මූදු ගියා ලෙලි තැලුවා
පිලී ගඳින් බෑ මිදෙන්න //
ඒත් අපේ මල් සුවඳයි
එපා බාර නොගෙන ඉන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න

පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න

දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න //

නාමල්
වික්ට රත්නායකයන් ගයන මේ ගීතය ගැන මොකද හිතන්නේ. මේ ගීතයේ ලොකු තෙරුමක් තියන ගිතයක්. ඇයි ගීතයේ දළඳා හාමුදුරුවන්ට පහත මාලයට වඩින්න කියනේ. ඔන්න ඔතනයි මට හිතෙන විදිහට ගීතයේ හරය තිබෙන්නේ. අපි ගමු ගීතයේ පලමු කොටස.

පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න

මේහිදී ගීත රචකයා [පාත ඉඳන් අපි ආවේ] යන්නේන් අදහස් කරන්නේ පහත රට ඉඳන් යන්නයි. හරියටම කියනවනම් දකුණු පලාත. මෙතනදී මම දකුණු පලාත කියලා නිසකවම කියන්නත් හේතුවක් තියනවා. එය පසු පද පේලියකදී අපට නිසකවම වැටහෙනවා. නාමල් පූජා කරන්න යන දකුණු පලාතේහි ජීවත් වෙන බැතිමතුන් ගැනයි මේ ගීතයේ කියවෙන්නේ. ඇයි රචකයා මෙතනදී නාමල යොදාගතේ? නා ගස ඉතා සරුවට වැවෙන්නේ ලංකාවේ දකුණු පලාතට වෙන්නයි. ඒවගේම නාමලක් කඩාගන්න ඉතාමත්ම අමාරුයි. මොකද ඉතා විශාලවට වැවේන මේ ගස්වල මල් හට ගන්නේ අතු කෙලවරේ වීමයි. ඒවගේම ඉතාමත් සීරුවේන් කඩාගතේ නැතිඋනොත් පෙති ඔක්කොම කැඩෙනවා. මොකද නාමලේ පෙති හුලඟකට පවා කැඩෙනවා. ඒතරම් සියුම්. ඉතින් රචකයා මේ ගීතයේ පලමු කොටසින්, මේ බැතිමතුන් අමාරුවෙන් දුරබැහැරක ඉඳන් පැමිනෙන්නේ අමාරුවෙන් කාඩාගත්ත මලුත් අරගෙන යන්න,
[පාත ඉඳන් අපි ආවේ . නාමල් පූජා කරන්න] යන මේ පද පේලි දෙකෙන් කැටිකොට දක්වනවා. එතකොට ඔහු [දළඳා හාමුදුරුවනේ . පහත මාලයට වඩින්න] යන්නේන් අදහස් කරනේ කුමක්ද? මේ පද පෙලි දෙකේ තමයි මේ මුලු ගීතයේම වටිනාකම තියෙන්නේ. මොකද ඉහලමාලයට යන්න අවසරය තියෙන්නේ එක පන්තියකට බැවිනි. නමුත් අද වන විට එය කිසියම් තත්වයකට පහව ගොස් තියෙනවා. නමුත් මම මගේ අත්දැකීම් වලින් කියනවනම්, තවමත් නුවර ඇත්තන් දකුණු පලාත ගැන බලනේ තවමත් වපර ඇසින්. මොකද කියන්න මම නම් දන්නේනැහැ. නමුත් මම එක දෙයක් ගැන දන්නවා ඒ බුදු හමුදුරුවන් දර්මය දෙසුවේ එක පන්තියකටවත්, එක කුලයකටවත් නෙමේයි. මේ ලොකයේ වෙසෙන සියලුම සත්වයන්ටයි. අහ! එමු අපේ කතාවට. ඉතින් මෙන්න මේ කුලබේදය ඇති නිසා ගීතරචකයා තම ගීතයෙන් පවසනවා අපට උඩමළුව එන්න බැහැ දළඳා හාමුදුරුවනේ. ඒ අපි පාත ( දකුණු පලාත) ඉඳන් ආපු නිසා. අනේ අපි ගැන හිතලා පහත මළුවට වඩින්න.

දෙවන පද පෙලෙන් ඔවුන් ගැන මෙසේ පවසනවා...
හීල් හෙවනෙ ඉඳගෙන බෑ
හේන් කුඹුරු වැඩ කරන්න //
ඇඟ පත කළු උනත් අපේ
කිලි කුනු නැති හිත බලන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න

අපි ගොඩක් මහන්සිවෙලා වැඩ කරන අය වගේම, වෙන පැති වල වගේ නේමේයි ගොඩක් රස්නේ පැත්තක්. ඉතින් හෙවනක් නැහැ අපිට, හෙවනේ හිටියොත් හේන් කුඹුරු කරන්නත් බැහැ. එක නිසා අපේ ඇඟ පත අව්වට කලු වෙලා. අපි අවලස්සන වෙලා. මොකද අපි රටට බත දෙන නිසා. ඒත් අපි වෙන අය වගේ නේමේයි අපේ හිත් වල ආඩම්බර කම් නැහැ, කිලිටි වෙලා නැහැ. ඉතින් දළඳා හාමුදුරුවනේ අපි ගැන හිතලා අපේ කිලි කුනු නැති හිත් දැකලා පහත මාලයට වඩින්න.

මූදු ගියා ලෙලි තැලුවා
පිලී ගඳින් බෑ මිදෙන්න //
ඒත් අපේ මල් සුවඳයි
එපා බාර නොගෙන ඉන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න

[මූදු ගියා . ලෙලි තැලුවා] මේහිදීත් රචකයා ඉහත කී ලෙසටම මේ පදවලින්ද සඳහන් කරනේ ඔවුන්ගේ ජීවන උපාය ගැනයි. මෙතනදී තවත් ගම්ය වන දෙයක් ඇත, මුලින්ම ඇතිපරිදි රචකයා විසින් මොවුන් පැමිනෙන්නේ නිසකවම දුකුණේ සිට බව අපට පෙන්වා දෙයි. ඒ [මූදු ගියා . ලෙලි තලුවා] යන්නේන්. මෙහිදී මූදු ගියා යන්න ගැන අමුතුවෙන් සඳන් කරන්න ඔන නැහැ, නමුත් [ලෙලි තැලුවා] කියා පවසන්නේ පොල් ලෙලි තැලීමයි. පොල් ලෙලි තලා කොහු නිශ්පාදන වැඩි වශයෙන් නිපදවනේ දකුණු පලාතේය. ඒ බව කීමට රචකයා යොදාගතේ ලෙලි තැලුවා යන්නයි. ඉතින් මේ ‍රැකියා දෙකම ජල ආශ්‍රයෙන් සිදු කරන බැවින් රචකයා [පිලී ගඳින් බෑ මිදෙන්න] යන පද මෙතනදි යොදාගෙන ඇත. නමුත් ඔවුන් ඒ පිලී අත් වලින් කඩා ගත් නා මල් සුවඳයි. අනේ අපි කරනේ අපේ ‍රැකියාව. අපි මේ දේ නොකලොත් අපි බඩගිනේ. ඉතින් අපේ මල් බාරගන්න දළඳා හාමුදුරුවනේ පහත මාලයට වඩින්න, මොකද ඉහල මාලයට යන්න අපට කැප නැහැ.

ඉතින් මේ ගීතය යම්කිසි දුරකර සාධාරණීය වන්නට ද හේතු කාරනා කිහිපයක් ඇත. එනම් මහනුවර පෙරහැරේ කිසිම පහතරට සම්ප්‍රධායට අයත් නැ‍ටුමක් හෝ වාදනයක් මැතක් වන්තුරුම දැකගන්නට නොහැකි වුනා. ගිය පෙරහැරෙදී මට මතක විදිහට පහතරට නැ‍ටුම් කිහිපයක් තිබුනා. නමුත් කාලාන්තරයක් පෙරහැරේ පහත රට නැ‍ටුමක් දක්නට තිබුනේ නැත.

මෙතනදී මම අදහස් කලේ මගේ අදහසයි. මට හැ‍ඟෙන දෙයයි. මා සමග සිත් අමනාප කමක් සිදුකරගන්න එපා.......

සින්දුව බාගන්න ඕනනම් මෙතන කොටන්න.


ඕනන සින්දුව අහල බලන්නකෝ...

Monday, July 5, 2010

අපිට ආඩම්බරයි කොල්ලනේ..

මතකද හයිටි වලට ආපු භුමිකම්පාව? හරියටම කියනවනම් 2010 ජනවාරි මස 12 වෙනිදා පැය 21:53 තමයි මේ භුමිකම්පාව සිදු වෙනේ.  මෙ භුමිකම්පාවෙන් 230,000  පමන මිනිසුන් මරු මුවට පත් වුනා. 300,000 පමන තුවාල ලැබුවා ඒ වගේම 1,000,000 පමන උන්හිටිතැන් නැතිඋනා. මේහිදී හයිටි වලට ගොඩක් රටවල් උදව්කරා. මේ අතර අපේ රටද ඉන්නවා. ඔය අතර ඉන්නවා අපේ රටේ කොල්ලො ටිකක් මේ වියසනයට සිංහයෝ වගේ මුහුන
දුන්නනා. ඒ අය තමයි ඒක්සත් ජතීන්ගේ සාමසාදක හමුදාවේ ඉන්න අපේ කොල්ලෝ සෙට් එක. මේ කොල්ලෝ ටික මේ වැඩේදි ගොඩක් මහන්සිවෙලා. තමන්ගේ දිවිපරදුවට තියලා ලොකු සේවයක් කරා. මේක අපේ ගොඩක් අයට අමතක උනා. මොකද අපේ අයට මීට වඩා ලොකු දේවල් තියනවනේ. බලන්න ඔය තියන පින්තූර, මොකද හිතනේ ඒගැන..


ඉතින් ඔන්න ඔහොමයි අපේ කොල්ලන් ඔකට මුහුන දුන්නේ .
ඔය පලෙහයින් තියෙන්නේ හයිටි කේදවාචකය අලලා හැදුන සින්දු ටිකක්. ලස්සනයි පොඩ්ඩක් එකත් බලලා යන්න.....
.......

Friday, July 2, 2010

ගොඩක් කාලෙකට පස්සේ


කොහොමද ඉතින්... අම්මෝ ගොඩක් කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ අවේ. මොකද ගොඩක් වැඩ තිබුනා. ඔන්න ඔකයි සීන් එක :) හරි ඔන්න ටිකක් නිදහස ලබුනා. කොහොම උනත් පහුගි දවස් ටික එලමකිරි . මම දාන්නම් බ්ලොග් එකේ කතා ටික. ගොඩක් දවසකින් අපු නිසා සටහනක් වත් හදාගන්න බැරිඋනා. ඉක්මනට හම්බවෙමු...

Monday, May 31, 2010

අම්ම මට බැන්නට මං හොඳයි !!!

කාලයක් ඉතාමත් ජනප්‍රිය වු මේ ගීතය තවමත් නොදන්නා කෙනෙක් නැති තරම්. නමුත් මම හිතන්නේ මේ ගීතය අපේ හැට හුටමාරක් තියන එෆ්. එම් චැනල් එකකව්ත් අවුරුදු කිහිපයකින් ප්‍රචාරය උනේ නැහැ. බැලු බැල්මට මේ ගිතය කිසිම තේරුමක් නැති ගීතයක් විදිහටයි අපිට තේරෙන්නේ. නමුත් බොහෝ කුඩා ළමයි විශේෂයෙන්ම පිරිමි දරුවන් කුඩා කලයේ දී දඟ වැඩ කරනවා. නමුත් කොතරම් දඟ වැඩ කරත් එයින් අතලොස්සක් ඇරෙන්න බොහෝ දෙනා ගොඩක් හොඳ ළමයින් වෙනවා. මන්දා මේ ගීතය ඇසෙද්දී මාව ගොඩක් දුර අතීතයකට අරගෙන යනවා. මං හොඳයි ගීතය ගයනා කරන්නේ දොන් ශර්මනුයි. දොන් කෝකියෙක්. ඒ වාගේම ගොඩක් ලස්සනට ගීතත් ගයනා කරනවා.

මේ ගීතය දොන් ගයනා කරනේ රෙගේ කියන තාලයෙනුයි. ඉතාමත් සරල බසින් ලියවුනු මේ ගීතය පලමුවෙන් ඇසූපමනින් එහි පද පවා අපට මතක තියා ගත හැක. මේ ගීතයේන් කියවෙන්නේ ඳඟකාර කොලු පැටියෙක් ගැනයි. මේ කොලුපැටියා හිතනවා මට අපේ ගෙදර අය කොච්චර බැන්නත් මම හොඳයි කියලා. ආ.. ඒක මම අමුතුන් කියන්න ඔනද? ඔය යස අගේට දොන් කියල තියෙන්නේ.. ඔව් මට මෙතනදී කියන්න උවමනා වන්නේ මෙයයි. පද රචකයා ලමයගේ සිතුවිල්ල ගැන හොඳ අවදියකුනුයි මෙසේ පද ගලපා තියෙන්නේ. කෙතරම් වැරදි කෙරුවත් මම වැරදි නහැ කියලයි මේ කොලුවා හිතන්නේ. එත් කෙතරම් වැරදි කරත් ගෙදර අයගේ ආදරය තමන්ට ලැබෙන බවද ඔහු දනී.

දෙවන කොටසේ අපුර්වතම දෙය තමයි පද ගැලපීම. පාසලේදිත් තමන්ගේ ඳඟවැඩ වලට ගුරුතුමියගෙන් බැනුම් ඇහුවත් තමා උත්සහ ගන්නවා පන්තියේ හොඳ ළමයා වෙන්න. මේසේ පන්තියේ හොඳ ළමය වෙලා තමාම වීරයා වෙන්නට මේ කොලු පැටියට උවමනාව ඇත.

මෙතනදී දොන් ලසනට මෙහෙම කියනවා { නංගි එක්ක රන්ඩු කෙරුවේ ආදරෙට මං , අක්කගෙ සෙන්ට් පවුඩර් ටික ඉවර කෙරුවෙ මං} මෙතනදී අපට මැවෙනවා කොලුපැටියගේ ඳඟකාරකම්. මෙයාට චන්ඩි කම් දාන්න පුලුවන් නංගිත් එක්ක් විතරයි. නමුත් මම රන්ඩු කෙරුවේ නංගිත් එක්ක තියන ආදරෙටයි. ඉතා සරලව දොන් කියනේ ඉතා ලොකු පණිවිඩයකි.මම මොනව කරත් ගෙදර අයට ගොඩක් ආදරෙයි. අද සමාජයට ගොඩක් වටින අදහසක් මේ සරල ගීතයෙන් ලබාදෙනවා. රෙගේ සංගීත මුසුව ගීතයට නව ජවයක් ලබාදෙනවා. හැම කෙනාටම තේරුම් ගන්න හැකිවන අයුරින් මේ ගීතය රචනය වීමත්, දොන් ගේ ගායනවිලාසයත් මෙහි ජීවය වීතිබෙනවා. මේ ගීතයට මම පෞද්ගලිකව කැමති මොකද දන්නවද? පොඩ්ඩක් ඳඟ කෙරුවට හරි හොඳයි මං


 ඔන්න තියනව සින්දුව අහල බලන්නකො


අම්ම මට බැන්නට මං හොඳයි
ඕ.. ඕ... ඕ....
තාත්තා මට බැන්නට මං හොඳයි
අයියා මට ගැහුවට
මං හොඳයි, මං හොඳයි, මං හොඳයි


අම්ම මට බැන්නට මං හොඳයි
උ...යේ..යේ..
තාත්තා මට බැන්නට මං හොඳයි


පුන්චි කාලේ අම්මා මාව දෑම්මා පාසලේ
නෝ..ටි කියල ටීචර් මට දැම්ම නේ ලෙඩේ
කවුරු මොනවා කිව්වත් මේ මං හොඳයි
පන්තියේ හොඳ ළමය වෙන්නේ මං තමයි
ඳඟ කරන්නේ නෑ.....මේ මං හොඳයි


නංගි එක්ක රන්ඩු කෙරුවේ ආදරෙට මං
අක්කගෙ සෙන්ට් පවුඩර් ටික ඉවර කෙරුවෙ මං
සින්දු කියල දුවල පැනලා දිව්වා මං
පොඩ්ඩක් ඳඟ කෙරුවට හරි හොඳයි මං
ගෙදර අයට මං...... හරි ආදරේයි.


අම්ම මට බැන්නට මං හොඳයි
ඕ.. ඕ... ඕ....
තාත්තා මට බැන්නට මං හොඳයි
අයියා මට ගැහුවට
මං හොඳයි, මං හොඳයි, මං හොඳයි


අම්ම මට බැන්නට මං හොඳයි
උ...යේ..යේ..
තාත්තා මට බැන්නට මං..... හොඳයි

සින්දුව බාගන්න : http://www.sendspace.com/file/t9gkiy

Saturday, May 29, 2010

ලංකාවේ මියුසික් වීඩියෝවල වැරදි

දැන් කාලේ සින්දුවක් ජනප්‍රිය වෙන්නනම් නිසැකවම එයට රූප රචනයක් කලයුතුයි. මගේ පෞද්ගලික අදහස නම් එය එසේ නොවේ. මොකද රූප රචනයක් නොකරන ලද ස්මහර ගීත තවමත් ජනප්‍රිය මට්ටමේ පවතිනවා. උදා හරණයකට අපි ගමු අමරදේව සූරීන්ගේ තවමත් තරුණ පරපුර අතර ජනප්‍රිය ගීතයක් වන නිම් හිම් සෙව්වා මාසසරේ යන ගීතය. මේ ගිතය බටහිර තනුවක් වූවත් එය අපට නොදැනෙන තරමට කෙතරම් සමීපද? . තවමත් මෙම ගීතයට රූපරචනයක් නැහැ. තවත් මට දැනෙන එක් දෙයක් තියනවා යම්කිසි ගීතයකට එම ගීතයේ අදහසට සාදාරණයක් වන ලෙසට රූපරචනයක් සිදුනොකර හොත් එම ගීතයේ ඒ අවසානයි. තවද රූපරචන සිදු කරලද ගීත නිතර නිතර රූපවාහිනීනාලිකා වලින් පේන්විමේදී ( අපේ වචනයෙන් කියනවනම් පට්ට ගහනකොට) එම ගීතයේ තියන ජනප්‍රියටවය සීග්‍ර වශයෙන් පහත බහිනවා. උදාහරණයකට අර මතකද ජෝන් සීනා සින්දුව දැන් අහෙන්නේ නැතිතරම්. එතකොට රම්බරී. හ්ම්.....

ඔන්නඔකෛ මම දකින ඇතුලන්තය. කෙසේවෙතත් රූපරචනයකදී එම ගායකයා වීශාලමුදලක් වැය කරනවා තමාගේ ගීතයකට රූපරචනයක් සිදු කිරීමේදී. ඒ කියන්නේ දවස් දකක් රූප ගත කීරීම් වලට රූපියල් ලක්ෂ දෙකකට එහාපැත්තේ. ඔව් එතරම් මුදලක් යනවා. එතරම් මුදලක් දී සේවා සපයන ආයතනය අතින් රූපගත්කිරීම් වලදී වැරදි සිදුවුවහොත් අර ගීතය ගායනා කරන ගායකයට හෝ ගායිකාවට කරන ලොකු අසාධාරණයක් ලෙසයි මා දකින්නේ. අපි පොඩ්ඩක් බලමු රුපරචනයකදී සිදුවන වැරදි මොනවද කියලා.
* සේවා සපයන ආයතනය (ප්‍රඩක්ෂන් හවුස්) එක අදාල රූපරචනය පිලිබඳ පාරිබෝගිකයා සමග සාකච්චා කරයුතු අතර දෙපාර්ශවය අතර එකඟත්වයකට පැමිනියයුතුයි.

* තිර පිටපතකට අනුව රූපගතකිරීම් සිදුකර යුතුයි

* රූපරාමුවෙන් රූපරාමුව රූපගතකිරීමට පෙර චිත්‍ර ගතකිරිම් (මෙයට අප කියනවා ස්ටෝරි බොර්ඩ් කියලා) කලයුතුයි

* රූපරචනයක් සිදුකරද්දී එම රූපරචනයෙහි ඒකාකාරීත්වයතිබිය යුතුයි

* [කැමරාකරණය ] මෙය ඉතාමත් වැදගත් කාරනයයි. ගීත සඳහා රූපරචනයක් සිදුකරද්දී කැමරාව නිසොල්මනව තැබිය නොහැක එමෙන්ම සාම්ප්‍රදායික රුපරමු වලින් ඔබ්බට ගොස් යම් රිද්මයකට අනුව චලන සිදුකල හැක. එය තීරණය වනේනේ කමර කරුගේ දක්ෂතාවය මතය. මෙහිදි කැමරා කරු ප්‍රතිබ්ම්භ ඇති දේවල් (දර්පණ, ඔපදැමු මතුපිටවල්, පොල් ගෙඩි තරම් අව්කන්නාඩි) වලට වැටෙන ප්‍රතිබ්ම්භ අහුනොවන සේ පටිගත කලයුතුය. අනන්තව මා දැක තිබේනවා සහයකයන් එමෙන්ම කැමරාකරු පවා මෙසේ පෙනෙන රූපරචන කරනලද ගීත. ඉන්පසු කැමරවට ස්විකරන අමතර කාච. මේවා සවිකරද්දි නිසිආකාරයෙන් සවිකලයුතුය උදාහරණයක් ලෙස පුළුල්පරාස කාචය (වයිඩ් ඇන්ගල් ලෙන්ස්) මෙහිදි මෙම කාචයෙන් පුළුල්පරායක් පෙන්නුම් කරන අතර නිසිආකාරයෙන් සවිනොකලහොත් කාචයේ දෙපැත්තේ ඇති ප්ලාස්ටික් කැබලිදෙක පෙනේ. මෙය කාචනිපදවන සමාගම අනුව වෙනස්විය හැක.

* කන්ඩායමේ අමතර බඩු වෙනත් අමතර දැ රූපගත කරන ස්තනයේන් පිටත තැබියයුතුය එවිට එම බඩුබාහිරාදිය කමරා කෝණවල අසුවන්නේ නැත

* අංගරචනය (මේකප්) කිරිමේදි තාත්විකාආකාරයෙන් රූපරමුවට ගලපෙන සේ සිදුකලයුතුය.

*පසුතල නිර්මාණය මෙය ඉතාමත් වැදගත්කාරණයකි අව්ස්තවට ඔබිනසේ පරිසරය හැඩගස්වාගතයුතු වන අතර කැමරාකොණ සමග කැමරාකරු පරිසරයේ සිදුවන වෙනස්කම් පිළිබඳව අව්බොදයෙන් සිටිය යුතුය. එයින් අදස් වෙන්නේ අපි හිතමු රජකාලේ රූපරමුවක දර්ශණයක් පටිගතකරන අවස්තාවක ඊට ඇතින් නවමදිලියේ බෙන්ස් රථයක් ගියොත්. එමනිසා කැමරාකර් නිසි අව්බොදයෙන් සිටියයුතුයි.

*අව්සාන කාරණය සංස්කරණය සහ විශේෂ ප්‍රයෝග (ස්පෙශල් එෆෙක්ට්ස්) පලමුව සංස්කරණය තුල තමයි කලාත්මක භාවය ‍රැඳෙන්නේ මෙහිදී විශෙෂිතවු සංස්කරණ ක්‍රම භාවිතා කල හැක මේක ගන වෙන දවසක කතා කරමු (සංස්කරණය ගැන,විශේෂ ප්‍රයෝග ගැන) නමුත් විශේෂ ප්‍රයෝග ගැන පොඩ්ඩක් කතා කියනවනම් විශේෂ ප්‍රයෝග දන්නම් ඔනනම් හරියට කරන්න පුලුවන් කෙනෙක් හොයාගෙන කල යුතුයි නැත්නම් ලස්සන කෙසේ වෙතත් චොර නම් වෙනවා. ඉතින් එක නිසා මෙතරම් මුදලක් වැය කරල කරන එකේ තේරුමක් තියෙන්න ඔන නිසා ඒදේ හරියට කරන්න ඔනා.

හරි ගොඩක් කතා කලා... මේ ලඟදි වීඩියෝවක් අවා දන්නේනැහැ කියල ඉරුශ සහ මදුශාන්ගේ මෙකේ මේවගේ වැරදි ටිකක් තිබ්බා පොඩ්ඩක් බලන්න.

ආ පොඩ්ඩක් කියන්න ඔන මේ පින්තුර දමන්නේ වැරදි පෙන්නලා දෙන්න මිසක් වෙන කිසිම දෙයක් හිතේ තියාගෙන නෙමේ ඔන්න.

1. මැද කන්නාඩියේ පිටිපස්සේ කෙනෙක් ඉන්නවා. එය අවස්ථා 3කදී අපට දැකගන්න පුලුවන්


2. පහත 1වන රුපයෙන් පෙනෙන වහල රතු පාටයි එම වහලම ඉන්පසු පැමිනෙන රුපරමුවේ නිල් පාටයි. මේහිදි ඒකාකාරීත්වය පොඩ්ඩක් වෙනස් වෙලා.




3. 1වන රුපයේ මෙම ස්ථනායේ බිම කාඩ්කුට්ටමේ කොල නැත නමුත් 2 වන රුපරාමුවේ කොල ඇත මෙතනදිත් ඒකාකාරීත්වය පොඩ්ඩක් වෙනස් වෙලා.


කෙසේ වෙතත් මෙවන් නිර්මාණයක් කරද්දී වැරදි ඇතිවීම ස්වාභාවිකයි. නමුත් මෙවන් වැරදි අපට පසුවෙන් මගහරවා ගත හැක.

පසුව ලියමි : ඉරුශ ,මදුශාන් මා එක්ක තරහ වෙන්න නම් එපා ඔන්න. :)

Thursday, May 27, 2010

සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා !!!


2600 සම්බුද්ධ ජයන්තිය අප මේ සමරන්නේ. මේය ලෝකයේ වෙසෙන සියලුම බෞද්ධ ජනතාව ස්මරන වෙසක් මංගල්‍යයයි. අප බුදුරදුන්ගේ තෙමගුල සිහිකරන අද සියලුම ලෝක සත්වයාට සාමය ඇති වෙවායි මා පතමි.
 
 
සැම සිතකම මෙත් මල් පිබිදේවා !!

සැම සිතකම කරුණාව ඇතිවෙවා !!
සැම සිතකම දයාව ඇතිවෙවා !!
සැමටම සතුට සාමය ඇතිවෙවා !!

ටෙලිකොම් හදිය





ගොඩක් දවසකින් තමයි බ්ලොග් එක පැත්තේ අවේ. මොකද ලෙයිලා දුන්නා මට වැඩේ.. මොකද්ද දන්නවද? අපේ ගෙදර තියියෙන්නේ එස්. එල්. ටි - එ. ඩි. එස්. එල් එක. :P දන්නවනේ එක ගැන. ඔන්න ඉතින් අපේ ගෙදර තියන සැත්පිල්ලා (ආ.. එක රස පලතුරක්) ගහේ අත්තක් කඩන් වැටිලා වයර් එක කැඩුනා. අනේ මම ඉතින් ෆුල් අඤ්ඤ කොරොස්. හෆොයි.. ගත්තා හොට් කියන දුරකතන අංකයට ඇමතුමක්. (ආයුබෝන් සිංහල භාෂාව සඳහා අංක 1 ඔබන්න) ඔන්න අක්ක කෙනෙක් කිව්වා. ඉතින් මේ පැතුමා එබුවා කියමුකෝ තෙරෙන සිංහල හොඳයි කියලා අංක 1. ඉටපසේ වෙන අක්කා කෙනෙක් කියනවා මෙහෙම.. (ආයුබෝන් අපගේ නිලධාරියකු ඉක්මනින් ස්ම්බන්ඳ වන තුරු මඳක් දුරකතනයේ ‍රැඳෙන්න එමන්ම ගුනාත්මක සේවයක් උදෙසා මේ ඇමතුම පටිගත කරනු ලැබේ) ඔන්න ඉතින් මම ටික වෙලාවක් හිටිම තව අක්ක කෙනෙක් කතා කරලා මගේ පැමිනිල්ල එහම අහලා ඔන්න පමිනිලි අංකය දුන්නා. අද හවසට එවන්නම් කිව්වා හදන්න. ඔන්න ඉතින් මම ෆුල් හැපී.. කොහේ මොන ටෙලිකොම්ද. හනේ මගේ බඩ පපුව දාලගියා. ඔන්න ඉතින් මම ගියා ඊට පහු වෙනිදා උදේ ටෙලිකොම් එකට පොඩි අහින්සක බලාපොරොත්තුවක් හිතේ තියාගෙන. :D 


හෆොයි මතක් වෙනකොටත් දුකයි. ඉතින් මම ගියා. ඔන්න ගේට්‍ටුවේ ඉන්න සික්කට පොඩි පාට් එකක් දාලා. ඇතුලට පැන්නා. හනෙ හනෙ කාර්යය මන්ඩලය අතේ ඇගිලි ගනනටත් අඩුයි. මම සීන් එක කිව්වා. හරි සර් තව පොඩ්ඩෙන් එවනවා. ඉතින් උන් එක්ක මරා ගන්නද අනේ මම ගෙදර අවා. ඔන්න එදත් නැහැ ඉතින් මම වැඩේ අත ඇරල දැම්මා. ඔන්න ඔතනදී තමයි මට තේරුනේ අපි කොච්හර මෙකට වහ වැටිලද කියල. හැබැයි මට ටිකක් විතර අන්තර්ජාලය ඔනා වෙන්නේ මගේ ‍රැකියාවටද මෙය සම්බන්ඳ හින්දා තමයි. කොහොම උනත් දවස් 5 කට පස්සේ එස්. එල්. ටි එකෙන් ඇවිත් හැදුවා. උන් එක්ක පොඩි කතාවකට වැ‍ටුනට පස්සේ තමයි දන්නේ අවරණ කලාපය ගොඩක් ලොකුයි, පැමිනිලි ගොඩයි, නමුත් සෙවක පිරිස අතලොස්සයි. උන්ට බැනලත්වැඩක් නහෑ . අහරි ඔන්න ඔකයි මගේ එස්. එල්. ටි සීන් කෝන් එක. දැන් හරිනේ අද ඉඳන් ඉතින් තියෙන්නේ ලියන්න . හරි ලියමු..... :D

Wednesday, May 19, 2010

අපි අපේ යුතුකම් ඉ‍ටු කරමු. Braveheart

හැම තැනම යුධ ජයග්‍රහනය සැමරීමේ උත්සව, ඔව් ඇත්තටම අප එය සැමරිය යුතුයි. මොකද දන්නවද? ලෝකයටම පිලිකාවක් වු ත්‍රස්තවදය අපිට, අපේ රණවිරු කොල්ලන්ට මුලින්ම උපුටාදාන්න හැකිඋනා. මේජයග්‍රහණය මැත ඉතිහසයේ රටක් හැටියට අපේ පුන්චි රට තැබු යෝධ පියවරකි. පොඩ්ඩක් හිතන්න???? අවුරුදු 30 ක් බැටකෑ යුද්ධය නිමාකරදුන් රණ විරුවන් ඔබ කරේ කුමක්ද? ඔවුන් ගේ ජිවිතය පරදුවට තබා අපිට ජීවිතය ලබා දුන් ඔවුන්ට ඔබ ලබාදුන්නේ මොනවද? තම සැමියා රට වෙනුවේන් දිවිදී අසල්වැසි වැන්දඹූ බිරිඳ, අනාථ දරුවන් වෙනුවෙන් ඔබ කරේ කුමක්ද? පූර්ණ ආබාධිත සහෝදර රණවිරුවා වෙනුවෙන් ඔබ කරේ කුමක්ද? ඔව් ඔබ කරා මේවා........... නිදි මරාගෙන ගෙදර රූප පෙට්ටිය ඉස්සරහ ඉඳගෙන එස්.එම්.එස් කොට කොට එක ‍රැයකින් තරු හැදුවා. හිහි නැත්නම් අම්බානෙකට ගුට් කෙල ගතා මනාපපොරේට. තවත්කට්ටිය අතපය කඩාගත්තා නිකන් ඉඳලා. බලන්න මේ අය,


මේඅය අත පය නැති කරගතේ ඔබ වෙනුවෙනුයි.
හරි ගිය දෙවල් ගියා කියමුකෝ. බ්‍රේවු හාර්ට්ස් ( Braveheart ) මොකද මේ.



මේ ප්‍රසන්ගයක්. මේකෙන් කරන්නේ පූර්ණ ආබාධිත රණවිරුවන් උදෙසා අනුරාධපුර ප්‍රදේශයේ ඉදිකරන "අභිමන්සල" නම් නිකේතනයක් සැදීමට මුදල් සොයාගැනීමටයි. දැනට ඇස්තමෙන්තු මුදල රුපියල් කොටි 20 යි. ඔබට මතකද පහුගිය මැතිවරණවල්දි කෙතරම් මුදලක් විනාශ කරාද සමහර අපේක්ෂකයන්. දැන් ඔව ගැන කතා කරල වැඩක් නැහැ. මේ වියාපෘතිය සඳහා කටයුතු කරන්නේ මන්ජුලිකා ජයසූරිය මහත්මිය ප්‍රමුක යුධ හමුදා  සේවාවනිතා එකකයයි. පුහුනු වීම් කටයුතු සිදු කරනේ අනෝජා වීරසිංහ මහත්මියයි. අපිට කලහැක්කේ කුමක්ද?  ඔවුන් ගේ මේ වියාපෘතියට සමගාමිව කැප් තොප්පියක්  (මෙය රුපියල් 225 පමණි), නැත්නම් ටී ශර්ට් එකක් (මේක රුපියල් 650පමණි) මිලදී ගෙන සහාය දක්වන්න. ඉට අමතරව ඔවුන් ඉල්ලා සිටිනවා මේවා අලවි කරන්නට සහය දක්වන ලෙසත්. මෙතනට ගිහින් වැඩි විස්තර ගන්න. අපි අපේ යුතුකම ඉ‍ටුකරමු ඔව් ඉ‍ටුකරන්න කාලයයි.
ආ....ප්‍රසන්ගය බලන්නත් අමතක කරන්න ඒපා..

පසුව ලියමි: මේ පිලිඹඳව මුලින්ම මම දැක්කේ තරුණයා 2010 .04.24 වේනිදා පත්තරෙනුයි. ඉතින් ඒ ලිපිය ලියපු නිරොෂාන් ප්‍රේමරත්නමහතාට මගේ ස්තුතිය.

Tuesday, May 18, 2010

වැස්ස අස්සේ ගත්ත පින්තූර ටිකක්.

ඔන්න අද නම් වැස්ස ටිකක් තුරල් කරලා. දවස් දෙකකින් තමයි ඉර දැක්කේ. කොහොම උනත් මේ වහැපු වැස්ස, දෙන එක දුන්නා මදී නොකියන්න. අපේ ගෙදර පිටිපස්සේ තියන වෙල් යාය කට කපලා වතුර එකයි. ඉස්සරනම් අපි වතුවලට පැනලා කෙහෙල් කොට කපලා පාරු පැදලා ගෙවල් වලින් පවා ගුටිකලා තියනවා. කොහොම උනත් ඒකාලේ මතක් වෙනකොටත් තාමත් ලොකු සතුටක් හිතට් දැනෙනවා. මේ අතර මම වහිනකොට පින්තු ටිකක් ගත්තා. වැස්ස නැති එකේ මම හිතුවා ඒවා ටික දැම්මොත් හොඳයි කියලා. බලන්න එක්තරා විදියකට වැස්සෙත් පොඩි කලාත්මක ගතියකුත් නැතුවාම නොවේයි. ඔයත් බලලා පොඩි අදහස් පාරකුත් දාලයන්න අමතක කරන්න එපා . ඔන්න එහෙනම් බලන්නකො.

* මේ අපේ අඹ ගහේ දිරච්ච අත්තක තියන වැහි බින්දු. ලස්සනයිනේ...


* ආ... මේ අපේ තාප්පෙට පීල්ලකින් වැටෙන වතුර.


* මේ වැටෙන වතුර. මෙතෙන තියෙන්නේ ගල්බොරලු.


* මේ මකුනු දැලකට වතුර වැටිල. ආ ..ඉතින් අමුතුවෙන් කියන්න ඔන නැහැනේ.


* මේ තියෙන්නේ පානදුර තියන එක්තරා පාසැලක මම ගත්ත පින්තූරයක්. මේ පාසැල ගැන ගොඩක් අය දන්නේ නැහැ. මම දවසක දාන්නම් පි‍ටුවක් මේ පාසැල ගැන.


*කොහොමද මෙක..

ඔන්න ඔහොමයි මගේ වැස්සේ පින්තූර කෙරුවාව. තව දවසක තවත් පින්තූර ටිකක් දාන්නම්..

Monday, May 17, 2010

ලොවම විශ්මයට පත් කල ජයග්‍රහණයට වසරයි


ලෝකයම බය කරන් හිටපු කොටි ත්‍රස්ත වාදීන් ලක් පොලොවෙන් අතුගා දාපු විජයග්‍රාහි දිනය අදයි. අවුරුදු තිහක කුරිරු යුද්ධයකට මුහුන දුන් අපි අද නිදහසේ අරුනලු විඳිමින් සිටිනවා. 2006 ජූනි 26 වැනිදා මාවිල් ආරුවෙන් පටන්ගත් නැඟෙනහිර මෙහෙයුම අපගේ ආරක්ෂක හමුදාව කොටි ත්‍රස්ත වාදීන් විසින් වසා දැමූ මාවිල් ආරු සොරොව්ව නැවත ජනතාවට ලබා දුනි. එතැන් සිට ආරම්භවුන මානුෂීය මෙහෙයුම නැඟෙනහිර පළාතේ තිබූ සියලු කොටි බළමුළු විනාශ කර ත්‍රිවිධ හමුදව යටතට පත්විය.

අප ජනාධි මහින්ද රජපක්ෂ මැතිතුමාගේ නිසි නායකත්වයන් හා අධීක්ෂනයෙන් යුක්තව සිදුවුනු මෙම මානුෂීය මෙහෙයුම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රජපක්ෂ මැතිතුමාට සවියක් විය. ඒ අතර ත්‍රිවිධ හමුදාපති වරු, පොලිස් පතිතුමා මේ මෙහෙයුමට නිසි නයකත්වය දුනි. අපගේ වීරෝධාර හමුදාවෝ යිදිරියට තැබූ පය කිසිවිටකත් පසුපසට තැබුවේ නැත.

මේඅතර පැති පහකින් උතුරු ප්‍රදේශයට ඇතුලු වු පාබල සේනා සියලුම කොටි බලකො‍ටු විනාශ කර කොටි නායකයෝ සැඟ වී සිටි නන්දිකඩාල් ප්‍රදේශයට ඇතුළු වීය. මෙට සමගාමීව ගුවන් හමුදාව ලකඹර ‍රැකුවේය. නවික හමුදාව ලක් මුහුදේ පවුරු වලල්ලක් විය. නන්දිකඩාල් ප්‍රදේශයේ කො‍ටුවු පිරිපාහරන් සහ ඔහුගේ සගයන්ට අප හමුදාවෝ අවසන් මෙහෙයුම දියත් කලහ. ලෝකයෙන්ම බලවත් යැයි කියා ගත් කොටි ත්‍රස්ත වාදීන් මීට අවුරුදදකට පෙර එනම් අදවගේ දිනයකදී සමස්ත කොටි නායකත්වයම සමග විනාශ විය. ඒ නැවතත් කොටි නායකත්වයට හිස එසවීමට නොහැකිවන ලෙසින්ය.

හා හා පුරා කියල ඔන්න මම ලිව්වා..

පැතුම්ගේ සටහන් කියලා තවත් බ්ලොග් අඩවියක් සයිබර් අවකාෂයට ආවා. හ්ම්...හරි අද 2010. 05.17 වෙලාව හරියටම රාත්‍රි එකොලහ පසුවී මිනිත්තු තිහයි.අද සිට මමත් එනවා බ්ලොග් ලියන්න හැබැයි දන්න සින්හලෙන්. මෙතනදී මම ලියන්න හිතන් ඉන්නේ මගේ අදහස්, මගේ අද්දැකීම් සහ එදිනෙදා සිදුවන වැදගත් කියල හිතෙන දෙවල් තමයි. හරි මට පුලුවන් හැම දවසකම මම බ්ලොග් එක යාවත්කාලීන කරන්නම්. කියවන ඔයගොල්ලන්ගේ අදහස් වලට මම ගරු කරනවා. බ්ලොග් එක කියවල පොඩි අදහස් පාරක් දාල යන්න අමතක කරන්න එපා. එහෙනම් දනට මම නවතිනවා....