යන එන උදවිය

Pages

Tuesday, September 28, 2010

සිර ගෙදරට ආ ලියුමක්....

......................
තෙමයි
අනෝරා වැස්සට - පැල්කොටය
කුඩාඋන් නිදන්නේ 
දැන් ඇඳයටය.
සුවාමිනේ ඉන්නා
මහ-උළු-ගෙදර
නුඹවත් නොතෙමී 
ඉන්නා එක සතුටක්ය.............

ණයට දෙන්නට සතු‍ටු කළු මුදලාලි
බය නැතුව බඩු ගන්න යැයි කීවා.............
කටහඬට වත් ඇත්තේ මුළු පවුලටම
වැල් ඇඳයට නා‍ටු බල්ලා පමනක්ය..............

සුවාමීන්ට තැපුමට මහ උළු ගේක
කෙරූ අපරාධ වැලි- ලා නීතියට
සල්ලි බලෙන් අපෙ කූඩුව බින්දාට
පළි ගහනවා මම තවමත් දෙවියන්ට.............

තුන්වැන්නාත් දැන් ළඟ ළඟ උපදින්ට
ඌ ගෙන්වත් සෙතක් වේද මගෙ හිමියන්ට
වීගැහින් කෙරූ සිර - පවු ගෙවිලායන්ට
පානක් පත්තු කෙරුවෙමි යළි දෙවියන්ට

දරුවන්ගේ දුක් කරදර ඇහීයන්
මගේ සුසුම් හිරගේ ළඟ දැවීයන්
යකඩ කූරු රත්වී අත මිදීයන්
හීනෙන්වත් හිමි ගෙපැලට වැදීයන්

මේ සිර මැදිරි බිත්තියක ලියවුනු ‍රැඳවියකුගේ සිතුවිල්ලක්. මේය අපට කියවදදී මැවි පෙනෙන රූපය,  සැබැ ලෝකයේ විය හැකිද? ඔව් අනන්තව වී තිබේනවා. මේවන් නිර්මානයක් පහත් කොට සැලකීමට අපට නොහැක, මන්ද මේ ලියවී ඇත්තේ යතාර්ථය බැවිනී. කියවන්න, විඳින්න යමක් හිතන්න............

4 comments:

  1. සහතික ඇත්ත..
    ස්තූතියි ලිපියට.. මගේ අද්දැකීමෙන්ම කියන්නේ..

    ReplyDelete
  2. හිර ගෙවල් වල ඉන්න ඕනි අය ඉන්නෙ රජ ගෙවල් වල. හිර ගෙවල් වල ඉන්න අයගෙන් බහුතරයක්ම හිර කරන්න ඕනි අයත් නෙවෙයි.

    ReplyDelete
  3. හදවතක් ති‍යන ‍අය පමණක් බලන්න.මේ අ‍‍පේ යථාර්තය.

    ReplyDelete
  4. ලස්සනයි... මිනිස්සු ගැන මනුස්සයෙක් කියන කතාවක්

    ReplyDelete