Saturday, July 31, 2010
අද ගොඩක් සතුටු දවසක්෴

Thursday, July 22, 2010
දළඳා හාමුදුරුවනේ පහත මාලයට වඩින්න !
පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
හීල් හෙවනෙ ඉඳගෙන බෑ
හේන් කුඹුරු වැඩ කරන්න //
ඇඟ පත කළු උනත් අපේ
කිලි කුනු නැති හිත බලන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
මූදු ගියා ලෙලි තැලුවා
පිලී ගඳින් බෑ මිදෙන්න //
ඒත් අපේ මල් සුවඳයි
එපා බාර නොගෙන ඉන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න //
වික්ට රත්නායකයන් ගයන මේ ගීතය ගැන මොකද හිතන්නේ. මේ ගීතයේ ලොකු තෙරුමක් තියන ගිතයක්. ඇයි ගීතයේ දළඳා හාමුදුරුවන්ට පහත මාලයට වඩින්න කියනේ. ඔන්න ඔතනයි මට හිතෙන විදිහට ගීතයේ හරය තිබෙන්නේ. අපි ගමු ගීතයේ පලමු කොටස.
පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
මේහිදී ගීත රචකයා [පාත ඉඳන් අපි ආවේ] යන්නේන් අදහස් කරන්නේ පහත රට ඉඳන් යන්නයි. හරියටම කියනවනම් දකුණු පලාත. මෙතනදී මම දකුණු පලාත කියලා නිසකවම කියන්නත් හේතුවක් තියනවා. එය පසු පද පේලියකදී අපට නිසකවම වැටහෙනවා. නාමල් පූජා කරන්න යන දකුණු පලාතේහි ජීවත් වෙන බැතිමතුන් ගැනයි මේ ගීතයේ කියවෙන්නේ. ඇයි රචකයා මෙතනදී නාමල යොදාගතේ? නා ගස ඉතා සරුවට වැවෙන්නේ ලංකාවේ දකුණු පලාතට වෙන්නයි. ඒවගේම නාමලක් කඩාගන්න ඉතාමත්ම අමාරුයි. මොකද ඉතා විශාලවට වැවේන මේ ගස්වල මල් හට ගන්නේ අතු කෙලවරේ වීමයි. ඒවගේම ඉතාමත් සීරුවේන් කඩාගතේ නැතිඋනොත් පෙති ඔක්කොම කැඩෙනවා. මොකද නාමලේ පෙති හුලඟකට පවා කැඩෙනවා. ඒතරම් සියුම්. ඉතින් රචකයා මේ ගීතයේ පලමු කොටසින්, මේ බැතිමතුන් අමාරුවෙන් දුරබැහැරක ඉඳන් පැමිනෙන්නේ අමාරුවෙන් කාඩාගත්ත මලුත් අරගෙන යන්න,
[පාත ඉඳන් අපි ආවේ . නාමල් පූජා කරන්න] යන මේ පද පේලි දෙකෙන් කැටිකොට දක්වනවා. එතකොට ඔහු [දළඳා හාමුදුරුවනේ . පහත මාලයට වඩින්න] යන්නේන් අදහස් කරනේ කුමක්ද? මේ පද පෙලි දෙකේ තමයි මේ මුලු ගීතයේම වටිනාකම තියෙන්නේ. මොකද ඉහලමාලයට යන්න අවසරය තියෙන්නේ එක පන්තියකට බැවිනි. නමුත් අද වන විට එය කිසියම් තත්වයකට පහව ගොස් තියෙනවා. නමුත් මම මගේ අත්දැකීම් වලින් කියනවනම්, තවමත් නුවර ඇත්තන් දකුණු පලාත ගැන බලනේ තවමත් වපර ඇසින්. මොකද කියන්න මම නම් දන්නේනැහැ. නමුත් මම එක දෙයක් ගැන දන්නවා ඒ බුදු හමුදුරුවන් දර්මය දෙසුවේ එක පන්තියකටවත්, එක කුලයකටවත් නෙමේයි. මේ ලොකයේ වෙසෙන සියලුම සත්වයන්ටයි. අහ! එමු අපේ කතාවට. ඉතින් මෙන්න මේ කුලබේදය ඇති නිසා ගීතරචකයා තම ගීතයෙන් පවසනවා අපට උඩමළුව එන්න බැහැ දළඳා හාමුදුරුවනේ. ඒ අපි පාත ( දකුණු පලාත) ඉඳන් ආපු නිසා. අනේ අපි ගැන හිතලා පහත මළුවට වඩින්න.
දෙවන පද පෙලෙන් ඔවුන් ගැන මෙසේ පවසනවා...
හීල් හෙවනෙ ඉඳගෙන බෑ
හේන් කුඹුරු වැඩ කරන්න //
ඇඟ පත කළු උනත් අපේ
කිලි කුනු නැති හිත බලන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
අපි ගොඩක් මහන්සිවෙලා වැඩ කරන අය වගේම, වෙන පැති වල වගේ නේමේයි ගොඩක් රස්නේ පැත්තක්. ඉතින් හෙවනක් නැහැ අපිට, හෙවනේ හිටියොත් හේන් කුඹුරු කරන්නත් බැහැ. එක නිසා අපේ ඇඟ පත අව්වට කලු වෙලා. අපි අවලස්සන වෙලා. මොකද අපි රටට බත දෙන නිසා. ඒත් අපි වෙන අය වගේ නේමේයි අපේ හිත් වල ආඩම්බර කම් නැහැ, කිලිටි වෙලා නැහැ. ඉතින් දළඳා හාමුදුරුවනේ අපි ගැන හිතලා අපේ කිලි කුනු නැති හිත් දැකලා පහත මාලයට වඩින්න.
මූදු ගියා ලෙලි තැලුවා
පිලී ගඳින් බෑ මිදෙන්න //
ඒත් අපේ මල් සුවඳයි
එපා බාර නොගෙන ඉන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
[මූදු ගියා . ලෙලි තැලුවා] මේහිදීත් රචකයා ඉහත කී ලෙසටම මේ පදවලින්ද සඳහන් කරනේ ඔවුන්ගේ ජීවන උපාය ගැනයි. මෙතනදී තවත් ගම්ය වන දෙයක් ඇත, මුලින්ම ඇතිපරිදි රචකයා විසින් මොවුන් පැමිනෙන්නේ නිසකවම දුකුණේ සිට බව අපට පෙන්වා දෙයි. ඒ [මූදු ගියා . ලෙලි තලුවා] යන්නේන්. මෙහිදී මූදු ගියා යන්න ගැන අමුතුවෙන් සඳන් කරන්න ඔන නැහැ, නමුත් [ලෙලි තැලුවා] කියා පවසන්නේ පොල් ලෙලි තැලීමයි. පොල් ලෙලි තලා කොහු නිශ්පාදන වැඩි වශයෙන් නිපදවනේ දකුණු පලාතේය. ඒ බව කීමට රචකයා යොදාගතේ ලෙලි තැලුවා යන්නයි. ඉතින් මේ රැකියා දෙකම ජල ආශ්රයෙන් සිදු කරන බැවින් රචකයා [පිලී ගඳින් බෑ මිදෙන්න] යන පද මෙතනදි යොදාගෙන ඇත. නමුත් ඔවුන් ඒ පිලී අත් වලින් කඩා ගත් නා මල් සුවඳයි. අනේ අපි කරනේ අපේ රැකියාව. අපි මේ දේ නොකලොත් අපි බඩගිනේ. ඉතින් අපේ මල් බාරගන්න දළඳා හාමුදුරුවනේ පහත මාලයට වඩින්න, මොකද ඉහල මාලයට යන්න අපට කැප නැහැ.
ඉතින් මේ ගීතය යම්කිසි දුරකර සාධාරණීය වන්නට ද හේතු කාරනා කිහිපයක් ඇත. එනම් මහනුවර පෙරහැරේ කිසිම පහතරට සම්ප්රධායට අයත් නැටුමක් හෝ වාදනයක් මැතක් වන්තුරුම දැකගන්නට නොහැකි වුනා. ගිය පෙරහැරෙදී මට මතක විදිහට පහතරට නැටුම් කිහිපයක් තිබුනා. නමුත් කාලාන්තරයක් පෙරහැරේ පහත රට නැටුමක් දක්නට තිබුනේ නැත.
මෙතනදී මම අදහස් කලේ මගේ අදහසයි. මට හැඟෙන දෙයයි. මා සමග සිත් අමනාප කමක් සිදුකරගන්න එපා.......
ඕනන සින්දුව අහල බලන්නකෝ...
නාමල් පූජා කරන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
හීල් හෙවනෙ ඉඳගෙන බෑ
හේන් කුඹුරු වැඩ කරන්න //
ඇඟ පත කළු උනත් අපේ
කිලි කුනු නැති හිත බලන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
මූදු ගියා ලෙලි තැලුවා
පිලී ගඳින් බෑ මිදෙන්න //
ඒත් අපේ මල් සුවඳයි
එපා බාර නොගෙන ඉන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න //
![]() |
නාමල් |

සින්දුව බාගන්න ඕනනම් මෙතන කොටන්න.
ඕනන සින්දුව අහල බලන්නකෝ...
Monday, July 5, 2010
අපිට ආඩම්බරයි කොල්ලනේ..
මතකද හයිටි වලට ආපු භුමිකම්පාව? හරියටම කියනවනම් 2010 ජනවාරි මස 12 වෙනිදා පැය 21:53 තමයි මේ භුමිකම්පාව සිදු වෙනේ. මෙ භුමිකම්පාවෙන් 230,000 පමන මිනිසුන් මරු මුවට පත් වුනා. 300,000 පමන තුවාල ලැබුවා ඒ වගේම 1,000,000 පමන උන්හිටිතැන් නැතිඋනා. මේහිදී හයිටි වලට ගොඩක් රටවල් උදව්කරා. මේ අතර අපේ රටද ඉන්නවා. ඔය අතර ඉන්නවා අපේ රටේ කොල්ලො ටිකක් මේ වියසනයට සිංහයෝ වගේ මුහුන
දුන්නනා. ඒ අය තමයි ඒක්සත් ජතීන්ගේ සාමසාදක හමුදාවේ ඉන්න අපේ කොල්ලෝ සෙට් එක. මේ කොල්ලෝ ටික මේ වැඩේදි ගොඩක් මහන්සිවෙලා. තමන්ගේ දිවිපරදුවට තියලා ලොකු සේවයක් කරා. මේක අපේ ගොඩක් අයට අමතක උනා. මොකද අපේ අයට මීට වඩා ලොකු දේවල් තියනවනේ. බලන්න ඔය තියන පින්තූර, මොකද හිතනේ ඒගැන..
ඉතින් ඔන්න ඔහොමයි අපේ කොල්ලන් ඔකට මුහුන දුන්නේ .
ඔය පලෙහයින් තියෙන්නේ හයිටි කේදවාචකය අලලා හැදුන සින්දු ටිකක්. ලස්සනයි පොඩ්ඩක් එකත් බලලා යන්න.....
.......

Friday, July 2, 2010
ගොඩක් කාලෙකට පස්සේ
කොහොමද ඉතින්... අම්මෝ ගොඩක් කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ අවේ. මොකද ගොඩක් වැඩ තිබුනා. ඔන්න ඔකයි සීන් එක :) හරි ඔන්න ටිකක් නිදහස ලබුනා. කොහොම උනත් පහුගි දවස් ටික එලමකිරි . මම දාන්නම් බ්ලොග් එකේ කතා ටික. ගොඩක් දවසකින් අපු නිසා සටහනක් වත් හදාගන්න බැරිඋනා. ඉක්මනට හම්බවෙමු...
Subscribe to:
Posts (Atom)