අද ගොඩක් සතුටු දවසක් මම මගේ බ්ලොග් අඩවිය (පැතුම්ගේ සටහන්..෴) පටන් ගෙන මාස දෙකක් වෙනවා අද වෙනකොට, මගේ බ්ලොග් අඩවියට දහසකට වඩා අය ඇවිත් තිබුනා. ඉතින් මට මේක ගොඩක් සතුටක්. ඒ එක්කම අපේ බ්ලොග් කරුවකු වන කුමුදු ලාල් පින්තු මහතාගේ අභාවය පිලිබඳව මා ඉතාමත් කම්පනයකට පත් උනා. කොහොම උනත් මගේ බ්ලොග් දිවියේ අමතක නොවන දිනයක් අද. මේ අතර මගේ බ්ලොග් අඩවියට උදව් කල සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදටද, ලාංකීය සිතුවිලි කියවනයටද, මොබයිල් එල්.කේ බ්ලොග් කියවනයටද මාගේ ස්තුතිය පලකරනවා. ඒ වගේම අදස් දැක්වු සියලු හිත මිත්රයන්ට මා මේ මොහොතේ ස්තුති වන්ත වෙනවා. ආ කියන්න අමතක උනා, මා මුලින්ම සින්හල යුනි කේත වලින් බ්ලොග් ලිපි දැමේමේ තමීර සේනානායක මහතාගේ නිර්මාණයක් වන සිංග්ලිෂ් වලින් ටයිප් කර සිංහල යුනිකෝඩ් ලබාගත හැකි කුඩා මෘදුකාංගයක් ඔස්සේ ය. ඉතින් තමීර සේනානායක මහතාටද මා මේ මොහොතේ ස්තුති වන්ත වෙනවා. ඉතින් අපි නැවත අලුත් ලිපියකින් හමුවෙමු...
Saturday, July 31, 2010
අද ගොඩක් සතුටු දවසක්෴

Thursday, July 22, 2010
දළඳා හාමුදුරුවනේ පහත මාලයට වඩින්න !
පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
හීල් හෙවනෙ ඉඳගෙන බෑ
හේන් කුඹුරු වැඩ කරන්න //
ඇඟ පත කළු උනත් අපේ
කිලි කුනු නැති හිත බලන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
මූදු ගියා ලෙලි තැලුවා
පිලී ගඳින් බෑ මිදෙන්න //
ඒත් අපේ මල් සුවඳයි
එපා බාර නොගෙන ඉන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න //
වික්ට රත්නායකයන් ගයන මේ ගීතය ගැන මොකද හිතන්නේ. මේ ගීතයේ ලොකු තෙරුමක් තියන ගිතයක්. ඇයි ගීතයේ දළඳා හාමුදුරුවන්ට පහත මාලයට වඩින්න කියනේ. ඔන්න ඔතනයි මට හිතෙන විදිහට ගීතයේ හරය තිබෙන්නේ. අපි ගමු ගීතයේ පලමු කොටස.
පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
මේහිදී ගීත රචකයා [පාත ඉඳන් අපි ආවේ] යන්නේන් අදහස් කරන්නේ පහත රට ඉඳන් යන්නයි. හරියටම කියනවනම් දකුණු පලාත. මෙතනදී මම දකුණු පලාත කියලා නිසකවම කියන්නත් හේතුවක් තියනවා. එය පසු පද පේලියකදී අපට නිසකවම වැටහෙනවා. නාමල් පූජා කරන්න යන දකුණු පලාතේහි ජීවත් වෙන බැතිමතුන් ගැනයි මේ ගීතයේ කියවෙන්නේ. ඇයි රචකයා මෙතනදී නාමල යොදාගතේ? නා ගස ඉතා සරුවට වැවෙන්නේ ලංකාවේ දකුණු පලාතට වෙන්නයි. ඒවගේම නාමලක් කඩාගන්න ඉතාමත්ම අමාරුයි. මොකද ඉතා විශාලවට වැවේන මේ ගස්වල මල් හට ගන්නේ අතු කෙලවරේ වීමයි. ඒවගේම ඉතාමත් සීරුවේන් කඩාගතේ නැතිඋනොත් පෙති ඔක්කොම කැඩෙනවා. මොකද නාමලේ පෙති හුලඟකට පවා කැඩෙනවා. ඒතරම් සියුම්. ඉතින් රචකයා මේ ගීතයේ පලමු කොටසින්, මේ බැතිමතුන් අමාරුවෙන් දුරබැහැරක ඉඳන් පැමිනෙන්නේ අමාරුවෙන් කාඩාගත්ත මලුත් අරගෙන යන්න,
[පාත ඉඳන් අපි ආවේ . නාමල් පූජා කරන්න] යන මේ පද පේලි දෙකෙන් කැටිකොට දක්වනවා. එතකොට ඔහු [දළඳා හාමුදුරුවනේ . පහත මාලයට වඩින්න] යන්නේන් අදහස් කරනේ කුමක්ද? මේ පද පෙලි දෙකේ තමයි මේ මුලු ගීතයේම වටිනාකම තියෙන්නේ. මොකද ඉහලමාලයට යන්න අවසරය තියෙන්නේ එක පන්තියකට බැවිනි. නමුත් අද වන විට එය කිසියම් තත්වයකට පහව ගොස් තියෙනවා. නමුත් මම මගේ අත්දැකීම් වලින් කියනවනම්, තවමත් නුවර ඇත්තන් දකුණු පලාත ගැන බලනේ තවමත් වපර ඇසින්. මොකද කියන්න මම නම් දන්නේනැහැ. නමුත් මම එක දෙයක් ගැන දන්නවා ඒ බුදු හමුදුරුවන් දර්මය දෙසුවේ එක පන්තියකටවත්, එක කුලයකටවත් නෙමේයි. මේ ලොකයේ වෙසෙන සියලුම සත්වයන්ටයි. අහ! එමු අපේ කතාවට. ඉතින් මෙන්න මේ කුලබේදය ඇති නිසා ගීතරචකයා තම ගීතයෙන් පවසනවා අපට උඩමළුව එන්න බැහැ දළඳා හාමුදුරුවනේ. ඒ අපි පාත ( දකුණු පලාත) ඉඳන් ආපු නිසා. අනේ අපි ගැන හිතලා පහත මළුවට වඩින්න.
දෙවන පද පෙලෙන් ඔවුන් ගැන මෙසේ පවසනවා...
හීල් හෙවනෙ ඉඳගෙන බෑ
හේන් කුඹුරු වැඩ කරන්න //
ඇඟ පත කළු උනත් අපේ
කිලි කුනු නැති හිත බලන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
අපි ගොඩක් මහන්සිවෙලා වැඩ කරන අය වගේම, වෙන පැති වල වගේ නේමේයි ගොඩක් රස්නේ පැත්තක්. ඉතින් හෙවනක් නැහැ අපිට, හෙවනේ හිටියොත් හේන් කුඹුරු කරන්නත් බැහැ. එක නිසා අපේ ඇඟ පත අව්වට කලු වෙලා. අපි අවලස්සන වෙලා. මොකද අපි රටට බත දෙන නිසා. ඒත් අපි වෙන අය වගේ නේමේයි අපේ හිත් වල ආඩම්බර කම් නැහැ, කිලිටි වෙලා නැහැ. ඉතින් දළඳා හාමුදුරුවනේ අපි ගැන හිතලා අපේ කිලි කුනු නැති හිත් දැකලා පහත මාලයට වඩින්න.
මූදු ගියා ලෙලි තැලුවා
පිලී ගඳින් බෑ මිදෙන්න //
ඒත් අපේ මල් සුවඳයි
එපා බාර නොගෙන ඉන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
[මූදු ගියා . ලෙලි තැලුවා] මේහිදීත් රචකයා ඉහත කී ලෙසටම මේ පදවලින්ද සඳහන් කරනේ ඔවුන්ගේ ජීවන උපාය ගැනයි. මෙතනදී තවත් ගම්ය වන දෙයක් ඇත, මුලින්ම ඇතිපරිදි රචකයා විසින් මොවුන් පැමිනෙන්නේ නිසකවම දුකුණේ සිට බව අපට පෙන්වා දෙයි. ඒ [මූදු ගියා . ලෙලි තලුවා] යන්නේන්. මෙහිදී මූදු ගියා යන්න ගැන අමුතුවෙන් සඳන් කරන්න ඔන නැහැ, නමුත් [ලෙලි තැලුවා] කියා පවසන්නේ පොල් ලෙලි තැලීමයි. පොල් ලෙලි තලා කොහු නිශ්පාදන වැඩි වශයෙන් නිපදවනේ දකුණු පලාතේය. ඒ බව කීමට රචකයා යොදාගතේ ලෙලි තැලුවා යන්නයි. ඉතින් මේ රැකියා දෙකම ජල ආශ්රයෙන් සිදු කරන බැවින් රචකයා [පිලී ගඳින් බෑ මිදෙන්න] යන පද මෙතනදි යොදාගෙන ඇත. නමුත් ඔවුන් ඒ පිලී අත් වලින් කඩා ගත් නා මල් සුවඳයි. අනේ අපි කරනේ අපේ රැකියාව. අපි මේ දේ නොකලොත් අපි බඩගිනේ. ඉතින් අපේ මල් බාරගන්න දළඳා හාමුදුරුවනේ පහත මාලයට වඩින්න, මොකද ඉහල මාලයට යන්න අපට කැප නැහැ.
ඉතින් මේ ගීතය යම්කිසි දුරකර සාධාරණීය වන්නට ද හේතු කාරනා කිහිපයක් ඇත. එනම් මහනුවර පෙරහැරේ කිසිම පහතරට සම්ප්රධායට අයත් නැටුමක් හෝ වාදනයක් මැතක් වන්තුරුම දැකගන්නට නොහැකි වුනා. ගිය පෙරහැරෙදී මට මතක විදිහට පහතරට නැටුම් කිහිපයක් තිබුනා. නමුත් කාලාන්තරයක් පෙරහැරේ පහත රට නැටුමක් දක්නට තිබුනේ නැත.
මෙතනදී මම අදහස් කලේ මගේ අදහසයි. මට හැඟෙන දෙයයි. මා සමග සිත් අමනාප කමක් සිදුකරගන්න එපා.......
ඕනන සින්දුව අහල බලන්නකෝ...
නාමල් පූජා කරන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
හීල් හෙවනෙ ඉඳගෙන බෑ
හේන් කුඹුරු වැඩ කරන්න //
ඇඟ පත කළු උනත් අපේ
කිලි කුනු නැති හිත බලන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
මූදු ගියා ලෙලි තැලුවා
පිලී ගඳින් බෑ මිදෙන්න //
ඒත් අපේ මල් සුවඳයි
එපා බාර නොගෙන ඉන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න //
| නාමල් |

සින්දුව බාගන්න ඕනනම් මෙතන කොටන්න.
ඕනන සින්දුව අහල බලන්නකෝ...
Monday, July 5, 2010
අපිට ආඩම්බරයි කොල්ලනේ..
මතකද හයිටි වලට ආපු භුමිකම්පාව? හරියටම කියනවනම් 2010 ජනවාරි මස 12 වෙනිදා පැය 21:53 තමයි මේ භුමිකම්පාව සිදු වෙනේ. මෙ භුමිකම්පාවෙන් 230,000 පමන මිනිසුන් මරු මුවට පත් වුනා. 300,000 පමන තුවාල ලැබුවා ඒ වගේම 1,000,000 පමන උන්හිටිතැන් නැතිඋනා. මේහිදී හයිටි වලට ගොඩක් රටවල් උදව්කරා. මේ අතර අපේ රටද ඉන්නවා. ඔය අතර ඉන්නවා අපේ රටේ කොල්ලො ටිකක් මේ වියසනයට සිංහයෝ වගේ මුහුන
දුන්නනා. ඒ අය තමයි ඒක්සත් ජතීන්ගේ සාමසාදක හමුදාවේ ඉන්න අපේ කොල්ලෝ සෙට් එක. මේ කොල්ලෝ ටික මේ වැඩේදි ගොඩක් මහන්සිවෙලා. තමන්ගේ දිවිපරදුවට තියලා ලොකු සේවයක් කරා. මේක අපේ ගොඩක් අයට අමතක උනා. මොකද අපේ අයට මීට වඩා ලොකු දේවල් තියනවනේ. බලන්න ඔය තියන පින්තූර, මොකද හිතනේ ඒගැන..
ඉතින් ඔන්න ඔහොමයි අපේ කොල්ලන් ඔකට මුහුන දුන්නේ .
ඔය පලෙහයින් තියෙන්නේ හයිටි කේදවාචකය අලලා හැදුන සින්දු ටිකක්. ලස්සනයි පොඩ්ඩක් එකත් බලලා යන්න.....
.......

Friday, July 2, 2010
ගොඩක් කාලෙකට පස්සේ
කොහොමද ඉතින්... අම්මෝ ගොඩක් කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තේ අවේ. මොකද ගොඩක් වැඩ තිබුනා. ඔන්න ඔකයි සීන් එක :) හරි ඔන්න ටිකක් නිදහස ලබුනා. කොහොම උනත් පහුගි දවස් ටික එලමකිරි . මම දාන්නම් බ්ලොග් එකේ කතා ටික. ගොඩක් දවසකින් අපු නිසා සටහනක් වත් හදාගන්න බැරිඋනා. ඉක්මනට හම්බවෙමු...
Monday, May 31, 2010
අම්ම මට බැන්නට මං හොඳයි !!!
කාලයක් ඉතාමත් ජනප්රිය වු මේ ගීතය තවමත් නොදන්නා කෙනෙක් නැති තරම්. නමුත් මම හිතන්නේ මේ ගීතය අපේ හැට හුටමාරක් තියන එෆ්. එම් චැනල් එකකව්ත් අවුරුදු කිහිපයකින් ප්රචාරය උනේ නැහැ. බැලු බැල්මට මේ ගිතය කිසිම තේරුමක් නැති ගීතයක් විදිහටයි අපිට තේරෙන්නේ. නමුත් බොහෝ කුඩා ළමයි විශේෂයෙන්ම පිරිමි දරුවන් කුඩා කලයේ දී දඟ වැඩ කරනවා. නමුත් කොතරම් දඟ වැඩ කරත් එයින් අතලොස්සක් ඇරෙන්න බොහෝ දෙනා ගොඩක් හොඳ ළමයින් වෙනවා. මන්දා මේ ගීතය ඇසෙද්දී මාව ගොඩක් දුර අතීතයකට අරගෙන යනවා. මං හොඳයි ගීතය ගයනා කරන්නේ දොන් ශර්මනුයි. දොන් කෝකියෙක්. ඒ වාගේම ගොඩක් ලස්සනට ගීතත් ගයනා කරනවා.
මේ ගීතය දොන් ගයනා කරනේ රෙගේ කියන තාලයෙනුයි. ඉතාමත් සරල බසින් ලියවුනු මේ ගීතය පලමුවෙන් ඇසූපමනින් එහි පද පවා අපට මතක තියා ගත හැක. මේ ගීතයේන් කියවෙන්නේ ඳඟකාර කොලු පැටියෙක් ගැනයි. මේ කොලුපැටියා හිතනවා මට අපේ ගෙදර අය කොච්චර බැන්නත් මම හොඳයි කියලා. ආ.. ඒක මම අමුතුන් කියන්න ඔනද? ඔය යස අගේට දොන් කියල තියෙන්නේ.. ඔව් මට මෙතනදී කියන්න උවමනා වන්නේ මෙයයි. පද රචකයා ලමයගේ සිතුවිල්ල ගැන හොඳ අවදියකුනුයි මෙසේ පද ගලපා තියෙන්නේ. කෙතරම් වැරදි කෙරුවත් මම වැරදි නහැ කියලයි මේ කොලුවා හිතන්නේ. එත් කෙතරම් වැරදි කරත් ගෙදර අයගේ ආදරය තමන්ට ලැබෙන බවද ඔහු දනී.
දෙවන කොටසේ අපුර්වතම දෙය තමයි පද ගැලපීම. පාසලේදිත් තමන්ගේ ඳඟවැඩ වලට ගුරුතුමියගෙන් බැනුම් ඇහුවත් තමා උත්සහ ගන්නවා පන්තියේ හොඳ ළමයා වෙන්න. මේසේ පන්තියේ හොඳ ළමය වෙලා තමාම වීරයා වෙන්නට මේ කොලු පැටියට උවමනාව ඇත.
මෙතනදී දොන් ලසනට මෙහෙම කියනවා { නංගි එක්ක රන්ඩු කෙරුවේ ආදරෙට මං , අක්කගෙ සෙන්ට් පවුඩර් ටික ඉවර කෙරුවෙ මං} මෙතනදී අපට මැවෙනවා කොලුපැටියගේ ඳඟකාරකම්. මෙයාට චන්ඩි කම් දාන්න පුලුවන් නංගිත් එක්ක් විතරයි. නමුත් මම රන්ඩු කෙරුවේ නංගිත් එක්ක තියන ආදරෙටයි. ඉතා සරලව දොන් කියනේ ඉතා ලොකු පණිවිඩයකි.මම මොනව කරත් ගෙදර අයට ගොඩක් ආදරෙයි. අද සමාජයට ගොඩක් වටින අදහසක් මේ සරල ගීතයෙන් ලබාදෙනවා. රෙගේ සංගීත මුසුව ගීතයට නව ජවයක් ලබාදෙනවා. හැම කෙනාටම තේරුම් ගන්න හැකිවන අයුරින් මේ ගීතය රචනය වීමත්, දොන් ගේ ගායනවිලාසයත් මෙහි ජීවය වීතිබෙනවා. මේ ගීතයට මම පෞද්ගලිකව කැමති මොකද දන්නවද? පොඩ්ඩක් ඳඟ කෙරුවට හරි හොඳයි මං
ඔන්න තියනව සින්දුව අහල බලන්නකො
අම්ම මට බැන්නට මං හොඳයි
ඕ.. ඕ... ඕ....
තාත්තා මට බැන්නට මං හොඳයි
අයියා මට ගැහුවට
මං හොඳයි, මං හොඳයි, මං හොඳයි
අම්ම මට බැන්නට මං හොඳයි
උ...යේ..යේ..
තාත්තා මට බැන්නට මං හොඳයි
පුන්චි කාලේ අම්මා මාව දෑම්මා පාසලේ
නෝ..ටි කියල ටීචර් මට දැම්ම නේ ලෙඩේ
කවුරු මොනවා කිව්වත් මේ මං හොඳයි
පන්තියේ හොඳ ළමය වෙන්නේ මං තමයි
ඳඟ කරන්නේ නෑ.....මේ මං හොඳයි
නංගි එක්ක රන්ඩු කෙරුවේ ආදරෙට මං
අක්කගෙ සෙන්ට් පවුඩර් ටික ඉවර කෙරුවෙ මං
සින්දු කියල දුවල පැනලා දිව්වා මං
පොඩ්ඩක් ඳඟ කෙරුවට හරි හොඳයි මං
ගෙදර අයට මං...... හරි ආදරේයි.
අම්ම මට බැන්නට මං හොඳයි
ඕ.. ඕ... ඕ....
තාත්තා මට බැන්නට මං හොඳයි
අයියා මට ගැහුවට
මං හොඳයි, මං හොඳයි, මං හොඳයි
අම්ම මට බැන්නට මං හොඳයි
උ...යේ..යේ..
තාත්තා මට බැන්නට මං..... හොඳයි
සින්දුව බාගන්න : http://www.sendspace.com/file/t9gkiy
Saturday, May 29, 2010
ලංකාවේ මියුසික් වීඩියෝවල වැරදි
ඔන්නඔකෛ මම දකින ඇතුලන්තය. කෙසේවෙතත් රූපරචනයකදී එම ගායකයා වීශාලමුදලක් වැය කරනවා තමාගේ ගීතයකට රූපරචනයක් සිදු කිරීමේදී. ඒ කියන්නේ දවස් දකක් රූප ගත කීරීම් වලට රූපියල් ලක්ෂ දෙකකට එහාපැත්තේ. ඔව් එතරම් මුදලක් යනවා. එතරම් මුදලක් දී සේවා සපයන ආයතනය අතින් රූපගත්කිරීම් වලදී වැරදි සිදුවුවහොත් අර ගීතය ගායනා කරන ගායකයට හෝ ගායිකාවට කරන ලොකු අසාධාරණයක් ලෙසයි මා දකින්නේ. අපි පොඩ්ඩක් බලමු රුපරචනයකදී සිදුවන වැරදි මොනවද කියලා.
* සේවා සපයන ආයතනය (ප්රඩක්ෂන් හවුස්) එක අදාල රූපරචනය පිලිබඳ පාරිබෝගිකයා සමග සාකච්චා කරයුතු අතර දෙපාර්ශවය අතර එකඟත්වයකට පැමිනියයුතුයි.
* තිර පිටපතකට අනුව රූපගතකිරීම් සිදුකර යුතුයි
* රූපරාමුවෙන් රූපරාමුව රූපගතකිරීමට පෙර චිත්ර ගතකිරිම් (මෙයට අප කියනවා ස්ටෝරි බොර්ඩ් කියලා) කලයුතුයි
* රූපරචනයක් සිදුකරද්දී එම රූපරචනයෙහි ඒකාකාරීත්වයතිබිය යුතුයි
* [කැමරාකරණය ] මෙය ඉතාමත් වැදගත් කාරනයයි. ගීත සඳහා රූපරචනයක් සිදුකරද්දී කැමරාව නිසොල්මනව තැබිය නොහැක එමෙන්ම සාම්ප්රදායික රුපරමු වලින් ඔබ්බට ගොස් යම් රිද්මයකට අනුව චලන සිදුකල හැක. එය තීරණය වනේනේ කමර කරුගේ දක්ෂතාවය මතය. මෙහිදි කැමරා කරු ප්රතිබ්ම්භ ඇති දේවල් (දර්පණ, ඔපදැමු මතුපිටවල්, පොල් ගෙඩි තරම් අව්කන්නාඩි) වලට වැටෙන ප්රතිබ්ම්භ අහුනොවන සේ පටිගත කලයුතුය. අනන්තව මා දැක තිබේනවා සහයකයන් එමෙන්ම කැමරාකරු පවා මෙසේ පෙනෙන රූපරචන කරනලද ගීත. ඉන්පසු කැමරවට ස්විකරන අමතර කාච. මේවා සවිකරද්දි නිසිආකාරයෙන් සවිකලයුතුය උදාහරණයක් ලෙස පුළුල්පරාස කාචය (වයිඩ් ඇන්ගල් ලෙන්ස්) මෙහිදි මෙම කාචයෙන් පුළුල්පරායක් පෙන්නුම් කරන අතර නිසිආකාරයෙන් සවිනොකලහොත් කාචයේ දෙපැත්තේ ඇති ප්ලාස්ටික් කැබලිදෙක පෙනේ. මෙය කාචනිපදවන සමාගම අනුව වෙනස්විය හැක.
* කන්ඩායමේ අමතර බඩු වෙනත් අමතර දැ රූපගත කරන ස්තනයේන් පිටත තැබියයුතුය එවිට එම බඩුබාහිරාදිය කමරා කෝණවල අසුවන්නේ නැත
* අංගරචනය (මේකප්) කිරිමේදි තාත්විකාආකාරයෙන් රූපරමුවට ගලපෙන සේ සිදුකලයුතුය.
*පසුතල නිර්මාණය මෙය ඉතාමත් වැදගත්කාරණයකි අව්ස්තවට ඔබිනසේ පරිසරය හැඩගස්වාගතයුතු වන අතර කැමරාකොණ සමග කැමරාකරු පරිසරයේ සිදුවන වෙනස්කම් පිළිබඳව අව්බොදයෙන් සිටිය යුතුය. එයින් අදස් වෙන්නේ අපි හිතමු රජකාලේ රූපරමුවක දර්ශණයක් පටිගතකරන අවස්තාවක ඊට ඇතින් නවමදිලියේ බෙන්ස් රථයක් ගියොත්. එමනිසා කැමරාකර් නිසි අව්බොදයෙන් සිටියයුතුයි.
*අව්සාන කාරණය සංස්කරණය සහ විශේෂ ප්රයෝග (ස්පෙශල් එෆෙක්ට්ස්) පලමුව සංස්කරණය තුල තමයි කලාත්මක භාවය රැඳෙන්නේ මෙහිදී විශෙෂිතවු සංස්කරණ ක්රම භාවිතා කල හැක මේක ගන වෙන දවසක කතා කරමු (සංස්කරණය ගැන,විශේෂ ප්රයෝග ගැන) නමුත් විශේෂ ප්රයෝග ගැන පොඩ්ඩක් කතා කියනවනම් විශේෂ ප්රයෝග දන්නම් ඔනනම් හරියට කරන්න පුලුවන් කෙනෙක් හොයාගෙන කල යුතුයි නැත්නම් ලස්සන කෙසේ වෙතත් චොර නම් වෙනවා. ඉතින් එක නිසා මෙතරම් මුදලක් වැය කරල කරන එකේ තේරුමක් තියෙන්න ඔන නිසා ඒදේ හරියට කරන්න ඔනා.
හරි ගොඩක් කතා කලා... මේ ලඟදි වීඩියෝවක් අවා දන්නේනැහැ කියල ඉරුශ සහ මදුශාන්ගේ මෙකේ මේවගේ වැරදි ටිකක් තිබ්බා පොඩ්ඩක් බලන්න.
ආ පොඩ්ඩක් කියන්න ඔන මේ පින්තුර දමන්නේ වැරදි පෙන්නලා දෙන්න මිසක් වෙන කිසිම දෙයක් හිතේ තියාගෙන නෙමේ ඔන්න.
1. මැද කන්නාඩියේ පිටිපස්සේ කෙනෙක් ඉන්නවා. එය අවස්ථා 3කදී අපට දැකගන්න පුලුවන්
2. පහත 1වන රුපයෙන් පෙනෙන වහල රතු පාටයි එම වහලම ඉන්පසු පැමිනෙන රුපරමුවේ නිල් පාටයි. මේහිදි ඒකාකාරීත්වය පොඩ්ඩක් වෙනස් වෙලා.
3. 1වන රුපයේ මෙම ස්ථනායේ බිම කාඩ්කුට්ටමේ කොල නැත නමුත් 2 වන රුපරාමුවේ කොල ඇත මෙතනදිත් ඒකාකාරීත්වය පොඩ්ඩක් වෙනස් වෙලා.
කෙසේ වෙතත් මෙවන් නිර්මාණයක් කරද්දී වැරදි ඇතිවීම ස්වාභාවිකයි. නමුත් මෙවන් වැරදි අපට පසුවෙන් මගහරවා ගත හැක.
පසුව ලියමි : ඉරුශ ,මදුශාන් මා එක්ක තරහ වෙන්න නම් එපා ඔන්න. :)
Subscribe to:
Posts (Atom)