නාමල් පූජා කරන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
හීල් හෙවනෙ ඉඳගෙන බෑ
හේන් කුඹුරු වැඩ කරන්න //
ඇඟ පත කළු උනත් අපේ
කිලි කුනු නැති හිත බලන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
මූදු ගියා ලෙලි තැලුවා
පිලී ගඳින් බෑ මිදෙන්න //
ඒත් අපේ මල් සුවඳයි
එපා බාර නොගෙන ඉන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න //
නාමල් |
පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
මේහිදී ගීත රචකයා [පාත ඉඳන් අපි ආවේ] යන්නේන් අදහස් කරන්නේ පහත රට ඉඳන් යන්නයි. හරියටම කියනවනම් දකුණු පලාත. මෙතනදී මම දකුණු පලාත කියලා නිසකවම කියන්නත් හේතුවක් තියනවා. එය පසු පද පේලියකදී අපට නිසකවම වැටහෙනවා. නාමල් පූජා කරන්න යන දකුණු පලාතේහි ජීවත් වෙන බැතිමතුන් ගැනයි මේ ගීතයේ කියවෙන්නේ. ඇයි රචකයා මෙතනදී නාමල යොදාගතේ? නා ගස ඉතා සරුවට වැවෙන්නේ ලංකාවේ දකුණු පලාතට වෙන්නයි. ඒවගේම නාමලක් කඩාගන්න ඉතාමත්ම අමාරුයි. මොකද ඉතා විශාලවට වැවේන මේ ගස්වල මල් හට ගන්නේ අතු කෙලවරේ වීමයි. ඒවගේම ඉතාමත් සීරුවේන් කඩාගතේ නැතිඋනොත් පෙති ඔක්කොම කැඩෙනවා. මොකද නාමලේ පෙති හුලඟකට පවා කැඩෙනවා. ඒතරම් සියුම්. ඉතින් රචකයා මේ ගීතයේ පලමු කොටසින්, මේ බැතිමතුන් අමාරුවෙන් දුරබැහැරක ඉඳන් පැමිනෙන්නේ අමාරුවෙන් කාඩාගත්ත මලුත් අරගෙන යන්න,
[පාත ඉඳන් අපි ආවේ . නාමල් පූජා කරන්න] යන මේ පද පේලි දෙකෙන් කැටිකොට දක්වනවා. එතකොට ඔහු [දළඳා හාමුදුරුවනේ . පහත මාලයට වඩින්න] යන්නේන් අදහස් කරනේ කුමක්ද? මේ පද පෙලි දෙකේ තමයි මේ මුලු ගීතයේම වටිනාකම තියෙන්නේ. මොකද ඉහලමාලයට යන්න අවසරය තියෙන්නේ එක පන්තියකට බැවිනි. නමුත් අද වන විට එය කිසියම් තත්වයකට පහව ගොස් තියෙනවා. නමුත් මම මගේ අත්දැකීම් වලින් කියනවනම්, තවමත් නුවර ඇත්තන් දකුණු පලාත ගැන බලනේ තවමත් වපර ඇසින්. මොකද කියන්න මම නම් දන්නේනැහැ. නමුත් මම එක දෙයක් ගැන දන්නවා ඒ බුදු හමුදුරුවන් දර්මය දෙසුවේ එක පන්තියකටවත්, එක කුලයකටවත් නෙමේයි. මේ ලොකයේ වෙසෙන සියලුම සත්වයන්ටයි. අහ! එමු අපේ කතාවට. ඉතින් මෙන්න මේ කුලබේදය ඇති නිසා ගීතරචකයා තම ගීතයෙන් පවසනවා අපට උඩමළුව එන්න බැහැ දළඳා හාමුදුරුවනේ. ඒ අපි පාත ( දකුණු පලාත) ඉඳන් ආපු නිසා. අනේ අපි ගැන හිතලා පහත මළුවට වඩින්න.
දෙවන පද පෙලෙන් ඔවුන් ගැන මෙසේ පවසනවා...
හීල් හෙවනෙ ඉඳගෙන බෑ
හේන් කුඹුරු වැඩ කරන්න //
ඇඟ පත කළු උනත් අපේ
කිලි කුනු නැති හිත බලන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
අපි ගොඩක් මහන්සිවෙලා වැඩ කරන අය වගේම, වෙන පැති වල වගේ නේමේයි ගොඩක් රස්නේ පැත්තක්. ඉතින් හෙවනක් නැහැ අපිට, හෙවනේ හිටියොත් හේන් කුඹුරු කරන්නත් බැහැ. එක නිසා අපේ ඇඟ පත අව්වට කලු වෙලා. අපි අවලස්සන වෙලා. මොකද අපි රටට බත දෙන නිසා. ඒත් අපි වෙන අය වගේ නේමේයි අපේ හිත් වල ආඩම්බර කම් නැහැ, කිලිටි වෙලා නැහැ. ඉතින් දළඳා හාමුදුරුවනේ අපි ගැන හිතලා අපේ කිලි කුනු නැති හිත් දැකලා පහත මාලයට වඩින්න.
මූදු ගියා ලෙලි තැලුවා
පිලී ගඳින් බෑ මිදෙන්න //
ඒත් අපේ මල් සුවඳයි
එපා බාර නොගෙන ඉන්න
දළඳා හාමුදුරුවනේ
පහත මාලයට වඩින්න
[මූදු ගියා . ලෙලි තැලුවා] මේහිදීත් රචකයා ඉහත කී ලෙසටම මේ පදවලින්ද සඳහන් කරනේ ඔවුන්ගේ ජීවන උපාය ගැනයි. මෙතනදී තවත් ගම්ය වන දෙයක් ඇත, මුලින්ම ඇතිපරිදි රචකයා විසින් මොවුන් පැමිනෙන්නේ නිසකවම දුකුණේ සිට බව අපට පෙන්වා දෙයි. ඒ [මූදු ගියා . ලෙලි තලුවා] යන්නේන්. මෙහිදී මූදු ගියා යන්න ගැන අමුතුවෙන් සඳන් කරන්න ඔන නැහැ, නමුත් [ලෙලි තැලුවා] කියා පවසන්නේ පොල් ලෙලි තැලීමයි. පොල් ලෙලි තලා කොහු නිශ්පාදන වැඩි වශයෙන් නිපදවනේ දකුණු පලාතේය. ඒ බව කීමට රචකයා යොදාගතේ ලෙලි තැලුවා යන්නයි. ඉතින් මේ රැකියා දෙකම ජල ආශ්රයෙන් සිදු කරන බැවින් රචකයා [පිලී ගඳින් බෑ මිදෙන්න] යන පද මෙතනදි යොදාගෙන ඇත. නමුත් ඔවුන් ඒ පිලී අත් වලින් කඩා ගත් නා මල් සුවඳයි. අනේ අපි කරනේ අපේ රැකියාව. අපි මේ දේ නොකලොත් අපි බඩගිනේ. ඉතින් අපේ මල් බාරගන්න දළඳා හාමුදුරුවනේ පහත මාලයට වඩින්න, මොකද ඉහල මාලයට යන්න අපට කැප නැහැ.
ඉතින් මේ ගීතය යම්කිසි දුරකර සාධාරණීය වන්නට ද හේතු කාරනා කිහිපයක් ඇත. එනම් මහනුවර පෙරහැරේ කිසිම පහතරට සම්ප්රධායට අයත් නැටුමක් හෝ වාදනයක් මැතක් වන්තුරුම දැකගන්නට නොහැකි වුනා. ගිය පෙරහැරෙදී මට මතක විදිහට පහතරට නැටුම් කිහිපයක් තිබුනා. නමුත් කාලාන්තරයක් පෙරහැරේ පහත රට නැටුමක් දක්නට තිබුනේ නැත.
මෙතනදී මම අදහස් කලේ මගේ අදහසයි. මට හැඟෙන දෙයයි. මා සමග සිත් අමනාප කමක් සිදුකරගන්න එපා.......
සින්දුව බාගන්න ඕනනම් මෙතන කොටන්න.
ඕනන සින්දුව අහල බලන්නකෝ...
අති විශිෂ්ඨයි.. මම ආසම කරන සින්දුවක්.. මමත් මේ සින්දුව ගැන ලියන්න හිටියේ මේ මාසේදිවත්.. ඒත් සහෝ කලින්ම දාලා.. මම හිතුවට වඩා වෙනස් විදිහකට ලියලා තියෙනවා.. දිගටම ලියන්න.. හැමදාම අහන්න ලැබෙන්නේ නැති සින්දු ගැන විශේෂයෙන්ම.. ජය..
ReplyDeleteමගෙත් ආසම ගීයක්. හිතට දැනෙන ගීයක්...
ReplyDeleteවිස්තරයට බොහොම ස්තුතියි....
විචාරය උපරිමයි . .
ReplyDeleteමේක මගේත් ප්රියතම ගීතයක් . . .
ගොඩක් ස්තූතියි මේ ලිපියට මම හිතන්නේ ගොඩක් අයට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වර්ගයේ ලිපියක් . .
අහ් ගම්පෙරලියේ තියෙන පරගොඩට නාමල් පූජා කරන්න යන ගමන ගැනත් මට්ජක් උනා මේක කියවද්දී . . ..
මේ සින්දුවේ ඉඟි කෙරෙන්නේ ඇත්තක්ද?
ReplyDeleteපාතරට ඉඳන් ආ අයට දළදාව තියෙන උඩ මලුවට යන්න දෙන්නේ නැද්ද?