යන එන උදවිය

Pages

Monday, May 31, 2010

අම්ම මට බැන්නට මං හොඳයි !!!

කාලයක් ඉතාමත් ජනප්‍රිය වු මේ ගීතය තවමත් නොදන්නා කෙනෙක් නැති තරම්. නමුත් මම හිතන්නේ මේ ගීතය අපේ හැට හුටමාරක් තියන එෆ්. එම් චැනල් එකකව්ත් අවුරුදු කිහිපයකින් ප්‍රචාරය උනේ නැහැ. බැලු බැල්මට මේ ගිතය කිසිම තේරුමක් නැති ගීතයක් විදිහටයි අපිට තේරෙන්නේ. නමුත් බොහෝ කුඩා ළමයි විශේෂයෙන්ම පිරිමි දරුවන් කුඩා කලයේ දී දඟ වැඩ කරනවා. නමුත් කොතරම් දඟ වැඩ කරත් එයින් අතලොස්සක් ඇරෙන්න බොහෝ දෙනා ගොඩක් හොඳ ළමයින් වෙනවා. මන්දා මේ ගීතය ඇසෙද්දී මාව ගොඩක් දුර අතීතයකට අරගෙන යනවා. මං හොඳයි ගීතය ගයනා කරන්නේ දොන් ශර්මනුයි. දොන් කෝකියෙක්. ඒ වාගේම ගොඩක් ලස්සනට ගීතත් ගයනා කරනවා.

මේ ගීතය දොන් ගයනා කරනේ රෙගේ කියන තාලයෙනුයි. ඉතාමත් සරල බසින් ලියවුනු මේ ගීතය පලමුවෙන් ඇසූපමනින් එහි පද පවා අපට මතක තියා ගත හැක. මේ ගීතයේන් කියවෙන්නේ ඳඟකාර කොලු පැටියෙක් ගැනයි. මේ කොලුපැටියා හිතනවා මට අපේ ගෙදර අය කොච්චර බැන්නත් මම හොඳයි කියලා. ආ.. ඒක මම අමුතුන් කියන්න ඔනද? ඔය යස අගේට දොන් කියල තියෙන්නේ.. ඔව් මට මෙතනදී කියන්න උවමනා වන්නේ මෙයයි. පද රචකයා ලමයගේ සිතුවිල්ල ගැන හොඳ අවදියකුනුයි මෙසේ පද ගලපා තියෙන්නේ. කෙතරම් වැරදි කෙරුවත් මම වැරදි නහැ කියලයි මේ කොලුවා හිතන්නේ. එත් කෙතරම් වැරදි කරත් ගෙදර අයගේ ආදරය තමන්ට ලැබෙන බවද ඔහු දනී.

දෙවන කොටසේ අපුර්වතම දෙය තමයි පද ගැලපීම. පාසලේදිත් තමන්ගේ ඳඟවැඩ වලට ගුරුතුමියගෙන් බැනුම් ඇහුවත් තමා උත්සහ ගන්නවා පන්තියේ හොඳ ළමයා වෙන්න. මේසේ පන්තියේ හොඳ ළමය වෙලා තමාම වීරයා වෙන්නට මේ කොලු පැටියට උවමනාව ඇත.

මෙතනදී දොන් ලසනට මෙහෙම කියනවා { නංගි එක්ක රන්ඩු කෙරුවේ ආදරෙට මං , අක්කගෙ සෙන්ට් පවුඩර් ටික ඉවර කෙරුවෙ මං} මෙතනදී අපට මැවෙනවා කොලුපැටියගේ ඳඟකාරකම්. මෙයාට චන්ඩි කම් දාන්න පුලුවන් නංගිත් එක්ක් විතරයි. නමුත් මම රන්ඩු කෙරුවේ නංගිත් එක්ක තියන ආදරෙටයි. ඉතා සරලව දොන් කියනේ ඉතා ලොකු පණිවිඩයකි.මම මොනව කරත් ගෙදර අයට ගොඩක් ආදරෙයි. අද සමාජයට ගොඩක් වටින අදහසක් මේ සරල ගීතයෙන් ලබාදෙනවා. රෙගේ සංගීත මුසුව ගීතයට නව ජවයක් ලබාදෙනවා. හැම කෙනාටම තේරුම් ගන්න හැකිවන අයුරින් මේ ගීතය රචනය වීමත්, දොන් ගේ ගායනවිලාසයත් මෙහි ජීවය වීතිබෙනවා. මේ ගීතයට මම පෞද්ගලිකව කැමති මොකද දන්නවද? පොඩ්ඩක් ඳඟ කෙරුවට හරි හොඳයි මං


 ඔන්න තියනව සින්දුව අහල බලන්නකො


අම්ම මට බැන්නට මං හොඳයි
ඕ.. ඕ... ඕ....
තාත්තා මට බැන්නට මං හොඳයි
අයියා මට ගැහුවට
මං හොඳයි, මං හොඳයි, මං හොඳයි


අම්ම මට බැන්නට මං හොඳයි
උ...යේ..යේ..
තාත්තා මට බැන්නට මං හොඳයි


පුන්චි කාලේ අම්මා මාව දෑම්මා පාසලේ
නෝ..ටි කියල ටීචර් මට දැම්ම නේ ලෙඩේ
කවුරු මොනවා කිව්වත් මේ මං හොඳයි
පන්තියේ හොඳ ළමය වෙන්නේ මං තමයි
ඳඟ කරන්නේ නෑ.....මේ මං හොඳයි


නංගි එක්ක රන්ඩු කෙරුවේ ආදරෙට මං
අක්කගෙ සෙන්ට් පවුඩර් ටික ඉවර කෙරුවෙ මං
සින්දු කියල දුවල පැනලා දිව්වා මං
පොඩ්ඩක් ඳඟ කෙරුවට හරි හොඳයි මං
ගෙදර අයට මං...... හරි ආදරේයි.


අම්ම මට බැන්නට මං හොඳයි
ඕ.. ඕ... ඕ....
තාත්තා මට බැන්නට මං හොඳයි
අයියා මට ගැහුවට
මං හොඳයි, මං හොඳයි, මං හොඳයි


අම්ම මට බැන්නට මං හොඳයි
උ...යේ..යේ..
තාත්තා මට බැන්නට මං..... හොඳයි

සින්දුව බාගන්න : http://www.sendspace.com/file/t9gkiy

Saturday, May 29, 2010

ලංකාවේ මියුසික් වීඩියෝවල වැරදි

දැන් කාලේ සින්දුවක් ජනප්‍රිය වෙන්නනම් නිසැකවම එයට රූප රචනයක් කලයුතුයි. මගේ පෞද්ගලික අදහස නම් එය එසේ නොවේ. මොකද රූප රචනයක් නොකරන ලද ස්මහර ගීත තවමත් ජනප්‍රිය මට්ටමේ පවතිනවා. උදා හරණයකට අපි ගමු අමරදේව සූරීන්ගේ තවමත් තරුණ පරපුර අතර ජනප්‍රිය ගීතයක් වන නිම් හිම් සෙව්වා මාසසරේ යන ගීතය. මේ ගිතය බටහිර තනුවක් වූවත් එය අපට නොදැනෙන තරමට කෙතරම් සමීපද? . තවමත් මෙම ගීතයට රූපරචනයක් නැහැ. තවත් මට දැනෙන එක් දෙයක් තියනවා යම්කිසි ගීතයකට එම ගීතයේ අදහසට සාදාරණයක් වන ලෙසට රූපරචනයක් සිදුනොකර හොත් එම ගීතයේ ඒ අවසානයි. තවද රූපරචන සිදු කරලද ගීත නිතර නිතර රූපවාහිනීනාලිකා වලින් පේන්විමේදී ( අපේ වචනයෙන් කියනවනම් පට්ට ගහනකොට) එම ගීතයේ තියන ජනප්‍රියටවය සීග්‍ර වශයෙන් පහත බහිනවා. උදාහරණයකට අර මතකද ජෝන් සීනා සින්දුව දැන් අහෙන්නේ නැතිතරම්. එතකොට රම්බරී. හ්ම්.....

ඔන්නඔකෛ මම දකින ඇතුලන්තය. කෙසේවෙතත් රූපරචනයකදී එම ගායකයා වීශාලමුදලක් වැය කරනවා තමාගේ ගීතයකට රූපරචනයක් සිදු කිරීමේදී. ඒ කියන්නේ දවස් දකක් රූප ගත කීරීම් වලට රූපියල් ලක්ෂ දෙකකට එහාපැත්තේ. ඔව් එතරම් මුදලක් යනවා. එතරම් මුදලක් දී සේවා සපයන ආයතනය අතින් රූපගත්කිරීම් වලදී වැරදි සිදුවුවහොත් අර ගීතය ගායනා කරන ගායකයට හෝ ගායිකාවට කරන ලොකු අසාධාරණයක් ලෙසයි මා දකින්නේ. අපි පොඩ්ඩක් බලමු රුපරචනයකදී සිදුවන වැරදි මොනවද කියලා.
* සේවා සපයන ආයතනය (ප්‍රඩක්ෂන් හවුස්) එක අදාල රූපරචනය පිලිබඳ පාරිබෝගිකයා සමග සාකච්චා කරයුතු අතර දෙපාර්ශවය අතර එකඟත්වයකට පැමිනියයුතුයි.

* තිර පිටපතකට අනුව රූපගතකිරීම් සිදුකර යුතුයි

* රූපරාමුවෙන් රූපරාමුව රූපගතකිරීමට පෙර චිත්‍ර ගතකිරිම් (මෙයට අප කියනවා ස්ටෝරි බොර්ඩ් කියලා) කලයුතුයි

* රූපරචනයක් සිදුකරද්දී එම රූපරචනයෙහි ඒකාකාරීත්වයතිබිය යුතුයි

* [කැමරාකරණය ] මෙය ඉතාමත් වැදගත් කාරනයයි. ගීත සඳහා රූපරචනයක් සිදුකරද්දී කැමරාව නිසොල්මනව තැබිය නොහැක එමෙන්ම සාම්ප්‍රදායික රුපරමු වලින් ඔබ්බට ගොස් යම් රිද්මයකට අනුව චලන සිදුකල හැක. එය තීරණය වනේනේ කමර කරුගේ දක්ෂතාවය මතය. මෙහිදි කැමරා කරු ප්‍රතිබ්ම්භ ඇති දේවල් (දර්පණ, ඔපදැමු මතුපිටවල්, පොල් ගෙඩි තරම් අව්කන්නාඩි) වලට වැටෙන ප්‍රතිබ්ම්භ අහුනොවන සේ පටිගත කලයුතුය. අනන්තව මා දැක තිබේනවා සහයකයන් එමෙන්ම කැමරාකරු පවා මෙසේ පෙනෙන රූපරචන කරනලද ගීත. ඉන්පසු කැමරවට ස්විකරන අමතර කාච. මේවා සවිකරද්දි නිසිආකාරයෙන් සවිකලයුතුය උදාහරණයක් ලෙස පුළුල්පරාස කාචය (වයිඩ් ඇන්ගල් ලෙන්ස්) මෙහිදි මෙම කාචයෙන් පුළුල්පරායක් පෙන්නුම් කරන අතර නිසිආකාරයෙන් සවිනොකලහොත් කාචයේ දෙපැත්තේ ඇති ප්ලාස්ටික් කැබලිදෙක පෙනේ. මෙය කාචනිපදවන සමාගම අනුව වෙනස්විය හැක.

* කන්ඩායමේ අමතර බඩු වෙනත් අමතර දැ රූපගත කරන ස්තනයේන් පිටත තැබියයුතුය එවිට එම බඩුබාහිරාදිය කමරා කෝණවල අසුවන්නේ නැත

* අංගරචනය (මේකප්) කිරිමේදි තාත්විකාආකාරයෙන් රූපරමුවට ගලපෙන සේ සිදුකලයුතුය.

*පසුතල නිර්මාණය මෙය ඉතාමත් වැදගත්කාරණයකි අව්ස්තවට ඔබිනසේ පරිසරය හැඩගස්වාගතයුතු වන අතර කැමරාකොණ සමග කැමරාකරු පරිසරයේ සිදුවන වෙනස්කම් පිළිබඳව අව්බොදයෙන් සිටිය යුතුය. එයින් අදස් වෙන්නේ අපි හිතමු රජකාලේ රූපරමුවක දර්ශණයක් පටිගතකරන අවස්තාවක ඊට ඇතින් නවමදිලියේ බෙන්ස් රථයක් ගියොත්. එමනිසා කැමරාකර් නිසි අව්බොදයෙන් සිටියයුතුයි.

*අව්සාන කාරණය සංස්කරණය සහ විශේෂ ප්‍රයෝග (ස්පෙශල් එෆෙක්ට්ස්) පලමුව සංස්කරණය තුල තමයි කලාත්මක භාවය ‍රැඳෙන්නේ මෙහිදී විශෙෂිතවු සංස්කරණ ක්‍රම භාවිතා කල හැක මේක ගන වෙන දවසක කතා කරමු (සංස්කරණය ගැන,විශේෂ ප්‍රයෝග ගැන) නමුත් විශේෂ ප්‍රයෝග ගැන පොඩ්ඩක් කතා කියනවනම් විශේෂ ප්‍රයෝග දන්නම් ඔනනම් හරියට කරන්න පුලුවන් කෙනෙක් හොයාගෙන කල යුතුයි නැත්නම් ලස්සන කෙසේ වෙතත් චොර නම් වෙනවා. ඉතින් එක නිසා මෙතරම් මුදලක් වැය කරල කරන එකේ තේරුමක් තියෙන්න ඔන නිසා ඒදේ හරියට කරන්න ඔනා.

හරි ගොඩක් කතා කලා... මේ ලඟදි වීඩියෝවක් අවා දන්නේනැහැ කියල ඉරුශ සහ මදුශාන්ගේ මෙකේ මේවගේ වැරදි ටිකක් තිබ්බා පොඩ්ඩක් බලන්න.

ආ පොඩ්ඩක් කියන්න ඔන මේ පින්තුර දමන්නේ වැරදි පෙන්නලා දෙන්න මිසක් වෙන කිසිම දෙයක් හිතේ තියාගෙන නෙමේ ඔන්න.

1. මැද කන්නාඩියේ පිටිපස්සේ කෙනෙක් ඉන්නවා. එය අවස්ථා 3කදී අපට දැකගන්න පුලුවන්


2. පහත 1වන රුපයෙන් පෙනෙන වහල රතු පාටයි එම වහලම ඉන්පසු පැමිනෙන රුපරමුවේ නිල් පාටයි. මේහිදි ඒකාකාරීත්වය පොඩ්ඩක් වෙනස් වෙලා.




3. 1වන රුපයේ මෙම ස්ථනායේ බිම කාඩ්කුට්ටමේ කොල නැත නමුත් 2 වන රුපරාමුවේ කොල ඇත මෙතනදිත් ඒකාකාරීත්වය පොඩ්ඩක් වෙනස් වෙලා.


කෙසේ වෙතත් මෙවන් නිර්මාණයක් කරද්දී වැරදි ඇතිවීම ස්වාභාවිකයි. නමුත් මෙවන් වැරදි අපට පසුවෙන් මගහරවා ගත හැක.

පසුව ලියමි : ඉරුශ ,මදුශාන් මා එක්ක තරහ වෙන්න නම් එපා ඔන්න. :)

Thursday, May 27, 2010

සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා !!!


2600 සම්බුද්ධ ජයන්තිය අප මේ සමරන්නේ. මේය ලෝකයේ වෙසෙන සියලුම බෞද්ධ ජනතාව ස්මරන වෙසක් මංගල්‍යයයි. අප බුදුරදුන්ගේ තෙමගුල සිහිකරන අද සියලුම ලෝක සත්වයාට සාමය ඇති වෙවායි මා පතමි.
 
 
සැම සිතකම මෙත් මල් පිබිදේවා !!

සැම සිතකම කරුණාව ඇතිවෙවා !!
සැම සිතකම දයාව ඇතිවෙවා !!
සැමටම සතුට සාමය ඇතිවෙවා !!

ටෙලිකොම් හදිය





ගොඩක් දවසකින් තමයි බ්ලොග් එක පැත්තේ අවේ. මොකද ලෙයිලා දුන්නා මට වැඩේ.. මොකද්ද දන්නවද? අපේ ගෙදර තියියෙන්නේ එස්. එල්. ටි - එ. ඩි. එස්. එල් එක. :P දන්නවනේ එක ගැන. ඔන්න ඉතින් අපේ ගෙදර තියන සැත්පිල්ලා (ආ.. එක රස පලතුරක්) ගහේ අත්තක් කඩන් වැටිලා වයර් එක කැඩුනා. අනේ මම ඉතින් ෆුල් අඤ්ඤ කොරොස්. හෆොයි.. ගත්තා හොට් කියන දුරකතන අංකයට ඇමතුමක්. (ආයුබෝන් සිංහල භාෂාව සඳහා අංක 1 ඔබන්න) ඔන්න අක්ක කෙනෙක් කිව්වා. ඉතින් මේ පැතුමා එබුවා කියමුකෝ තෙරෙන සිංහල හොඳයි කියලා අංක 1. ඉටපසේ වෙන අක්කා කෙනෙක් කියනවා මෙහෙම.. (ආයුබෝන් අපගේ නිලධාරියකු ඉක්මනින් ස්ම්බන්ඳ වන තුරු මඳක් දුරකතනයේ ‍රැඳෙන්න එමන්ම ගුනාත්මක සේවයක් උදෙසා මේ ඇමතුම පටිගත කරනු ලැබේ) ඔන්න ඉතින් මම ටික වෙලාවක් හිටිම තව අක්ක කෙනෙක් කතා කරලා මගේ පැමිනිල්ල එහම අහලා ඔන්න පමිනිලි අංකය දුන්නා. අද හවසට එවන්නම් කිව්වා හදන්න. ඔන්න ඉතින් මම ෆුල් හැපී.. කොහේ මොන ටෙලිකොම්ද. හනේ මගේ බඩ පපුව දාලගියා. ඔන්න ඉතින් මම ගියා ඊට පහු වෙනිදා උදේ ටෙලිකොම් එකට පොඩි අහින්සක බලාපොරොත්තුවක් හිතේ තියාගෙන. :D 


හෆොයි මතක් වෙනකොටත් දුකයි. ඉතින් මම ගියා. ඔන්න ගේට්‍ටුවේ ඉන්න සික්කට පොඩි පාට් එකක් දාලා. ඇතුලට පැන්නා. හනෙ හනෙ කාර්යය මන්ඩලය අතේ ඇගිලි ගනනටත් අඩුයි. මම සීන් එක කිව්වා. හරි සර් තව පොඩ්ඩෙන් එවනවා. ඉතින් උන් එක්ක මරා ගන්නද අනේ මම ගෙදර අවා. ඔන්න එදත් නැහැ ඉතින් මම වැඩේ අත ඇරල දැම්මා. ඔන්න ඔතනදී තමයි මට තේරුනේ අපි කොච්හර මෙකට වහ වැටිලද කියල. හැබැයි මට ටිකක් විතර අන්තර්ජාලය ඔනා වෙන්නේ මගේ ‍රැකියාවටද මෙය සම්බන්ඳ හින්දා තමයි. කොහොම උනත් දවස් 5 කට පස්සේ එස්. එල්. ටි එකෙන් ඇවිත් හැදුවා. උන් එක්ක පොඩි කතාවකට වැ‍ටුනට පස්සේ තමයි දන්නේ අවරණ කලාපය ගොඩක් ලොකුයි, පැමිනිලි ගොඩයි, නමුත් සෙවක පිරිස අතලොස්සයි. උන්ට බැනලත්වැඩක් නහෑ . අහරි ඔන්න ඔකයි මගේ එස්. එල්. ටි සීන් කෝන් එක. දැන් හරිනේ අද ඉඳන් ඉතින් තියෙන්නේ ලියන්න . හරි ලියමු..... :D

Wednesday, May 19, 2010

අපි අපේ යුතුකම් ඉ‍ටු කරමු. Braveheart

හැම තැනම යුධ ජයග්‍රහනය සැමරීමේ උත්සව, ඔව් ඇත්තටම අප එය සැමරිය යුතුයි. මොකද දන්නවද? ලෝකයටම පිලිකාවක් වු ත්‍රස්තවදය අපිට, අපේ රණවිරු කොල්ලන්ට මුලින්ම උපුටාදාන්න හැකිඋනා. මේජයග්‍රහණය මැත ඉතිහසයේ රටක් හැටියට අපේ පුන්චි රට තැබු යෝධ පියවරකි. පොඩ්ඩක් හිතන්න???? අවුරුදු 30 ක් බැටකෑ යුද්ධය නිමාකරදුන් රණ විරුවන් ඔබ කරේ කුමක්ද? ඔවුන් ගේ ජිවිතය පරදුවට තබා අපිට ජීවිතය ලබා දුන් ඔවුන්ට ඔබ ලබාදුන්නේ මොනවද? තම සැමියා රට වෙනුවේන් දිවිදී අසල්වැසි වැන්දඹූ බිරිඳ, අනාථ දරුවන් වෙනුවෙන් ඔබ කරේ කුමක්ද? පූර්ණ ආබාධිත සහෝදර රණවිරුවා වෙනුවෙන් ඔබ කරේ කුමක්ද? ඔව් ඔබ කරා මේවා........... නිදි මරාගෙන ගෙදර රූප පෙට්ටිය ඉස්සරහ ඉඳගෙන එස්.එම්.එස් කොට කොට එක ‍රැයකින් තරු හැදුවා. හිහි නැත්නම් අම්බානෙකට ගුට් කෙල ගතා මනාපපොරේට. තවත්කට්ටිය අතපය කඩාගත්තා නිකන් ඉඳලා. බලන්න මේ අය,


මේඅය අත පය නැති කරගතේ ඔබ වෙනුවෙනුයි.
හරි ගිය දෙවල් ගියා කියමුකෝ. බ්‍රේවු හාර්ට්ස් ( Braveheart ) මොකද මේ.



මේ ප්‍රසන්ගයක්. මේකෙන් කරන්නේ පූර්ණ ආබාධිත රණවිරුවන් උදෙසා අනුරාධපුර ප්‍රදේශයේ ඉදිකරන "අභිමන්සල" නම් නිකේතනයක් සැදීමට මුදල් සොයාගැනීමටයි. දැනට ඇස්තමෙන්තු මුදල රුපියල් කොටි 20 යි. ඔබට මතකද පහුගිය මැතිවරණවල්දි කෙතරම් මුදලක් විනාශ කරාද සමහර අපේක්ෂකයන්. දැන් ඔව ගැන කතා කරල වැඩක් නැහැ. මේ වියාපෘතිය සඳහා කටයුතු කරන්නේ මන්ජුලිකා ජයසූරිය මහත්මිය ප්‍රමුක යුධ හමුදා  සේවාවනිතා එකකයයි. පුහුනු වීම් කටයුතු සිදු කරනේ අනෝජා වීරසිංහ මහත්මියයි. අපිට කලහැක්කේ කුමක්ද?  ඔවුන් ගේ මේ වියාපෘතියට සමගාමිව කැප් තොප්පියක්  (මෙය රුපියල් 225 පමණි), නැත්නම් ටී ශර්ට් එකක් (මේක රුපියල් 650පමණි) මිලදී ගෙන සහාය දක්වන්න. ඉට අමතරව ඔවුන් ඉල්ලා සිටිනවා මේවා අලවි කරන්නට සහය දක්වන ලෙසත්. මෙතනට ගිහින් වැඩි විස්තර ගන්න. අපි අපේ යුතුකම ඉ‍ටුකරමු ඔව් ඉ‍ටුකරන්න කාලයයි.
ආ....ප්‍රසන්ගය බලන්නත් අමතක කරන්න ඒපා..

පසුව ලියමි: මේ පිලිඹඳව මුලින්ම මම දැක්කේ තරුණයා 2010 .04.24 වේනිදා පත්තරෙනුයි. ඉතින් ඒ ලිපිය ලියපු නිරොෂාන් ප්‍රේමරත්නමහතාට මගේ ස්තුතිය.

Tuesday, May 18, 2010

වැස්ස අස්සේ ගත්ත පින්තූර ටිකක්.

ඔන්න අද නම් වැස්ස ටිකක් තුරල් කරලා. දවස් දෙකකින් තමයි ඉර දැක්කේ. කොහොම උනත් මේ වහැපු වැස්ස, දෙන එක දුන්නා මදී නොකියන්න. අපේ ගෙදර පිටිපස්සේ තියන වෙල් යාය කට කපලා වතුර එකයි. ඉස්සරනම් අපි වතුවලට පැනලා කෙහෙල් කොට කපලා පාරු පැදලා ගෙවල් වලින් පවා ගුටිකලා තියනවා. කොහොම උනත් ඒකාලේ මතක් වෙනකොටත් තාමත් ලොකු සතුටක් හිතට් දැනෙනවා. මේ අතර මම වහිනකොට පින්තු ටිකක් ගත්තා. වැස්ස නැති එකේ මම හිතුවා ඒවා ටික දැම්මොත් හොඳයි කියලා. බලන්න එක්තරා විදියකට වැස්සෙත් පොඩි කලාත්මක ගතියකුත් නැතුවාම නොවේයි. ඔයත් බලලා පොඩි අදහස් පාරකුත් දාලයන්න අමතක කරන්න එපා . ඔන්න එහෙනම් බලන්නකො.

* මේ අපේ අඹ ගහේ දිරච්ච අත්තක තියන වැහි බින්දු. ලස්සනයිනේ...


* ආ... මේ අපේ තාප්පෙට පීල්ලකින් වැටෙන වතුර.


* මේ වැටෙන වතුර. මෙතෙන තියෙන්නේ ගල්බොරලු.


* මේ මකුනු දැලකට වතුර වැටිල. ආ ..ඉතින් අමුතුවෙන් කියන්න ඔන නැහැනේ.


* මේ තියෙන්නේ පානදුර තියන එක්තරා පාසැලක මම ගත්ත පින්තූරයක්. මේ පාසැල ගැන ගොඩක් අය දන්නේ නැහැ. මම දවසක දාන්නම් පි‍ටුවක් මේ පාසැල ගැන.


*කොහොමද මෙක..

ඔන්න ඔහොමයි මගේ වැස්සේ පින්තූර කෙරුවාව. තව දවසක තවත් පින්තූර ටිකක් දාන්නම්..

Monday, May 17, 2010

ලොවම විශ්මයට පත් කල ජයග්‍රහණයට වසරයි


ලෝකයම බය කරන් හිටපු කොටි ත්‍රස්ත වාදීන් ලක් පොලොවෙන් අතුගා දාපු විජයග්‍රාහි දිනය අදයි. අවුරුදු තිහක කුරිරු යුද්ධයකට මුහුන දුන් අපි අද නිදහසේ අරුනලු විඳිමින් සිටිනවා. 2006 ජූනි 26 වැනිදා මාවිල් ආරුවෙන් පටන්ගත් නැඟෙනහිර මෙහෙයුම අපගේ ආරක්ෂක හමුදාව කොටි ත්‍රස්ත වාදීන් විසින් වසා දැමූ මාවිල් ආරු සොරොව්ව නැවත ජනතාවට ලබා දුනි. එතැන් සිට ආරම්භවුන මානුෂීය මෙහෙයුම නැඟෙනහිර පළාතේ තිබූ සියලු කොටි බළමුළු විනාශ කර ත්‍රිවිධ හමුදව යටතට පත්විය.

අප ජනාධි මහින්ද රජපක්ෂ මැතිතුමාගේ නිසි නායකත්වයන් හා අධීක්ෂනයෙන් යුක්තව සිදුවුනු මෙම මානුෂීය මෙහෙයුම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රජපක්ෂ මැතිතුමාට සවියක් විය. ඒ අතර ත්‍රිවිධ හමුදාපති වරු, පොලිස් පතිතුමා මේ මෙහෙයුමට නිසි නයකත්වය දුනි. අපගේ වීරෝධාර හමුදාවෝ යිදිරියට තැබූ පය කිසිවිටකත් පසුපසට තැබුවේ නැත.

මේඅතර පැති පහකින් උතුරු ප්‍රදේශයට ඇතුලු වු පාබල සේනා සියලුම කොටි බලකො‍ටු විනාශ කර කොටි නායකයෝ සැඟ වී සිටි නන්දිකඩාල් ප්‍රදේශයට ඇතුළු වීය. මෙට සමගාමීව ගුවන් හමුදාව ලකඹර ‍රැකුවේය. නවික හමුදාව ලක් මුහුදේ පවුරු වලල්ලක් විය. නන්දිකඩාල් ප්‍රදේශයේ කො‍ටුවු පිරිපාහරන් සහ ඔහුගේ සගයන්ට අප හමුදාවෝ අවසන් මෙහෙයුම දියත් කලහ. ලෝකයෙන්ම බලවත් යැයි කියා ගත් කොටි ත්‍රස්ත වාදීන් මීට අවුරුදදකට පෙර එනම් අදවගේ දිනයකදී සමස්ත කොටි නායකත්වයම සමග විනාශ විය. ඒ නැවතත් කොටි නායකත්වයට හිස එසවීමට නොහැකිවන ලෙසින්ය.

හා හා පුරා කියල ඔන්න මම ලිව්වා..

පැතුම්ගේ සටහන් කියලා තවත් බ්ලොග් අඩවියක් සයිබර් අවකාෂයට ආවා. හ්ම්...හරි අද 2010. 05.17 වෙලාව හරියටම රාත්‍රි එකොලහ පසුවී මිනිත්තු තිහයි.අද සිට මමත් එනවා බ්ලොග් ලියන්න හැබැයි දන්න සින්හලෙන්. මෙතනදී මම ලියන්න හිතන් ඉන්නේ මගේ අදහස්, මගේ අද්දැකීම් සහ එදිනෙදා සිදුවන වැදගත් කියල හිතෙන දෙවල් තමයි. හරි මට පුලුවන් හැම දවසකම මම බ්ලොග් එක යාවත්කාලීන කරන්නම්. කියවන ඔයගොල්ලන්ගේ අදහස් වලට මම ගරු කරනවා. බ්ලොග් එක කියවල පොඩි අදහස් පාරක් දාල යන්න අමතක කරන්න එපා. එහෙනම් දනට මම නවතිනවා....